IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මිනිහ ගෑනිගේ ඡන්දය කැලේ යවන්න ‘අන්දකයිප්පු’ කවලා

තමා ඡන්දය දීමට අපේක්ෂාවෙන් සිටින ජනපතිවරණ අපේක්ෂකයාට බිරිඳ ඡන්දය නොදෙන බව දැනගත් සැමියකු ඇගේ තැපැල් ඡන්ද ඉල්ලුම් පත්‍රයට සාවද්‍ය තොරතුරු ඇතුළත් කොට තැපැල් ඡන්දය හිමිකම ප්‍රතික්ෂේප කරවූ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබිණි.


මේ විවාහක අඹුසැමියෝ දෙදෙනාම ගුරුවරු වෙති. මැතිවරණ රාජකාරි සඳහා යොදවන කාර්ය මණ්ඩල තෝරා ගැනීමට පෙර තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම් කිරීමට ඔවුන්ටද අවස්ථාව ලැබිණි. ඒ අනුව ඔවුන්ද තැපැල් ඡන්දය ඉල්ලුම් පත්‍ර දෙකක් ගෙන්වාගත් සැමියා තම ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කරනවා දුටු ගුරු බිරියද ඇගේ ඉල්ලුම්පත්‍රයද පුරවා දෙන ලෙස සැමියාගෙන් ඉල්ලා සිටියාය.


ගුරු සැමියාද බිරියගේ ඉල්ලුම්පත්‍රය වහා අතට ගෙන එය සම්පූර්ණ කළේ වැරදි තොරතුරු කීපයක්ම ඇතුළත් කරමිනි. තැපැල් ඡන්දය ලබාදීමට සුදුස්සකු බවට සැමියා නම්කොට එවා තිබුණද  බිරිඳට ඒ වරම හිමි නොවුණි.
මොකද දන්නේ නෑ මගේ ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප වුණේ යි ඇය විස්සෝපයෙන් සැමියාගෙන් විමසීය. ඔහු කට කොනට සිනාවක් නගා ගත්තා මිස හ්ම් ශබ්දයක්වත් නොනැගුවේය.


කමක් නෑ ඡන්ද කාඞ් එක එයිනේ යි ඇය බලාපොරොත්තු තබාගෙන කීවාය. මේ අතර වාරයේ මැතිවරණ රාජකාරි සඳහා ඇය තෝරාගෙන ඇති බවට ලිපියක් ලැබී තිබේ. ඇයට රාජකාරි පැවරී තිබුණේ පදිංචි ප්‍රදේශයෙන් බොහෝ දුර ප්‍රදේශයක ඡන්ද පොළ ස්ථානයකටය.


මේ ඡන්ද වැඩට නොගිහින් ඉන්න බැරිද මට ගෙදර හිටියොත් ඡන්දෙ දාන්න යන්න පුළුවන්නේ ඇය සැමියාගෙන් අසා ඇත.


බෑ.. බෑ.. ඡන්ද වැඩ කියන්නේ ප්‍රමුඛ සේවයක්. නොගිහින් හිටියොත් රස්සාවටත් වැරදි වෙයි. මෝඩ වැඩ නොකර ඡන්ද වැඩට යන්න. සැමියා තරයේ කියා සිටියේය.


අරයට වැටෙන්න තිබුණු එක ඡන්දයක් නම් ඕන් මං නැති කළා යි ඒ සැමියා තමන් ඡන්දය ලබාදුන් අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකරන ඔහුගේ ළඟම මිතුරෙකුට කියා තිබේ.
(ගල්ගමුව නිහාල් ජයවීර)



අදහස් (0)

මිනිහ ගෑනිගේ ඡන්දය කැලේ යවන්න ‘අන්දකයිප්පු’ කවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site