ප්‍රධාන දේශපාලන පක්ෂයකින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ තම අපේක්ෂකයා දිනන බවට මිතුරෙකු සමග මුදල් ඔට්ටුවක් අල්ලා ඒ බව තම බිරියට කීමට ගොස් ඇගෙන් හොඳ හැටි බැනුම් ඇසූ බව කියන පුද්ගලයකු පසුව ඔට්ටුව සමකර ගැනීමට අපූරු උපක්‍රමයක් යෙදූ පුවතක් වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා විය.
එම වාර්තාවට අනුව අදාළ පුද්ගලයා මෙවර ජනාධිපතිවරණයෙන් එක් අපේක්ෂකයකු දිනන බවට මිතුරෙකු සමග රුපියල් විසිපන්දහසක ඔට්ටුවක් අල්ලා ඇත.
පසුව ඔහු මේ බව සිය බිරියටද පවසා ඇත්තේ ඇගෙන් මේ සම්බන්ධව සතුටුදායක ප්‍රතිචාරයක් තමාට ලැබේවි යැයි බලාපොරොත්තුවෙනි. නමුත් සිදු වී ඇත්තේ ඔහු කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ දෙයකි.
තමුසෙට පිස්සුද ඕයි. ඔහේ කොහොමද හරියටම කියන්නෙ මහත්තය දිනනවා කියලා. බැරිවෙලාවත් පැරදුණොත් එහෙම අපරාදෙ රුපියල් විසිපන්දහ. ඒ නිසා අපිට ඒ කාගෙන්වත් වැඩිපුර සල්ලි ඕනෙ නෑ. ගිහින් ඔට්ටුවට අල්ලපු සල්ලි ටික ඉල්ලගෙන එනවා.
මේ ආදි වශයෙන් බිරිය ගෝරනාඩු කරන්නට වූවාය. ඇය එසේ කීවත් දැන් ආපසු ඒ ඔට්ටුව අවලංගු කරන්නටද ඔහුට බැරිය. එසේ වුවද බැරිවෙලාවත් ඔට්ටුව පැරදුණහොත් ගෙදර වසන්නටද බැරි බව වටහා ගත් ඔහු ඒ සඳහා විසඳුමක් කල්පනා කළේය.
ඒ අනුව ඔහු තවත් පුද්ගලයෙකු සමග අනෙක් අපේක්ෂකයා දිනන බවටද රුපියල් විසිපන්දහසක ඔට්ටුවක් අල්ලා ඒ බවද බිරියට දැනුම්දීමට පියවර ගෙන ඇත. එවිට කවුරු දිනුවත් ඔහුට ඔහුගේ මුදල් පමණක් ආපසු ලැබෙන්නේය.
2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිනිහගෙ ඔට්ටුව මැද්දට ගෑනි පැනලා ජංජාලයක්