IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


මනාලිය බලන්න ගිහින් ගේදොර වතුපිටිවල දිග පළලත් හොයලා

 

ඔහු කලක පටන් මනාලියක් සොයාගැනීමට වෙහෙස මහන්සි වන තරුණයෙකි. ඉඩකඩම්, යානවාහන, වතුපිටි හිමි ඔහුට එකම අඩුව වූයේ බිරියක් පමණි. මවුපියන්ද ඒ පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූයේ පුතුගේ නිසි වයස එළඹී ඇති බැවිණි. සෑම සති අන්තයකම වාගේ තරුණ මනාල මහතා සිය මවුපියන්ද සමඟින් මඟුල් තුලා බැලීමටයයි.

ගැනිය නොහැකි මනාලියන් පිරිසක් බැලීමට ගියද ගැළපෙන යුවතිය සොයාගැනීමට නොහැකි වූයේ දේපළ තණ්හාව නිසාවෙනි. පසුගිය දිනෙක මනාල මහතා රූමත් කාන්තාවක් බැලීමට මවුපියන්ද කැටුව ගියහ. මනාල මහතා යුවතියගේ රූමත් බවට ද මනාලියගේ පාර්ශවය මනමාල මහතාගේ වත්කම් පිළිබඳවද සෑහීමට පත්විය.

දෙපාර්ශවයේම දැඩි කැමැත්ත කතාබහෙන්ම ප‍්‍රකාශ විය. සූදානම් කර තිබූ සංග‍්‍රහයද බුක්තිවිඳි මනාල පාර්ශවය පිටත්වීමට නිවෙසින් එළියට පැමිණියේ සතුටු සිතිනි. සිදුවූයේ නොසිතූ දෙයකි. මනාලයාගේ මව වාහනයට ගොඩවීමට ගොස් නැවත පැමිණ ‘‘ඉඩමේ මායිම තියෙන්නේ අර පේන කොස්ගහ ළඟ වෙන්න ඇති නේද?’’යි විමසද්දී සියලූ දෙනාටම කරකියා ගත දෙයක් නොවූහ.

මනාලියගේ පාර්ශවයේ වැඩිහිටියෝ ‘‘දේපළ තණ්හාවෙන් පසුවන මේවාගේ පවුලකට අපේ දුව දෙන්නේ නැහැ’’යි පවසා එම යෝජනාව ප‍්‍රතික්ෂේප කළහ. එනමුත් මනාලයා එම යුවතියගේ රූමත් බවට දැඩි කැමැත්තක් දැක්වූ බැවින් එම නිවෙසට තවත් කීපවතාවක් පැමිණ කථාබහ කළ ද ඉන් පලක් නොවීය. කොටපොල කේ. ප‍්‍රදීප් නිරෝෂන්.



අදහස් (0)

මනාලිය බලන්න ගිහින් ගේදොර වතුපිටිවල දිග පළලත් හොයලා

රාධා Tuesday, 22 September 2015 04:50 PM

අජිත්,අල්ලක විතර කුඹුරු කෑල්ල වවලා මල්ලක් ගෙට ගන්න කියලා කියමනක් තිබුනාට වගාවට කුඹුරු කෑල්ල අඳයට දෙන්න නම් එපා. (නි)

:       0       0

දුල්මි Tuesday, 22 September 2015 09:29 AM

මනමාලයන්ට නෙවෙයි ඒ ගොල්ලන්ගේ පවුලේ බවලතුන්ට තමයි දෑවැද්ද සොයා ගන්න උවමනාව. මට දෑවැද්දට ලැබුණු ගෘහ භාණ්ඩ ටිකත් තමන්ගේ ගෙවල්වලට හෙමීට යවන්න ලැස්තිවුණ කට්ටිය ඉන්නවා. හොඳ වෙලාවට මගේ සැමියා ඒවට අහුවුණේ නෑ (බ)

:       0       0

සමන්ති Tuesday, 22 September 2015 08:25 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

චාන්දනී Tuesday, 22 September 2015 10:00 PM

සමහර තරුණියන්ගෙන් නම් දෑවැදි ගත්තාට වරදක් කියන්නත් බැහැ (නි)

:       0       0

ජෙහාන් Tuesday, 22 September 2015 09:51 AM

පුදුම මිනිස්සු තමයි.(හේ)

:       0       0

සරත් Tuesday, 22 September 2015 10:32 PM

දෑවදි දෙන්නට රන්මසු පොදි නැති ගෙදරට බරවුණ බාල නගේ..... (නි)

:       0       0

අබරන් Tuesday, 22 September 2015 10:42 PM

අජිත්ට මුලින්ම හම්බවෙලා තියෙන්නේ පුදුමු තැනක්නේ.පවු! (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 22 September 2015 11:01 PM

මට පෙනෙන විදිහට රූපවතීත් සත පහක දේපොළක් නැතුවම අහිංසකයෙකුගේ කරේ ගහලා වගෙයි! හැබැයි ඉතින් සත්කෝරළේ එහෙම මිනිස්සු නම් අඩුයි (නි)

:       0       0

අජිත් Wednesday, 23 September 2015 01:46 PM

චන්ද්‍රසිරි, රාධා, , හේමන්ත, ස්තුති අදහස්වලට. ඔව් ඔව් රාධා, මම බොහොම ප්‍රවේසමෙන් තමා වපුරා ගන්නේ. අඳයට නම් දෙන්නේ නැහැ කීයටවත්. (අ)

:       0       0

කාශ්‍යප Tuesday, 22 September 2015 10:54 AM

ලජ්ජා හිතෙනවා අහන්නත්, එත් ඇත්ත. (ම)

:       0       0

තිළිණ Tuesday, 22 September 2015 11:46 AM

අනේ මෙහෙමත් පිරිමි! (නි)

:       0       0

ට්‍රිෂාන් Tuesday, 22 September 2015 11:55 AM

අලුත් නීතියක් ගෙනෙන්න ඕනෑ කටින් දෑවැද්ද ඉල්ලීම නීතිවිරෝධී සහ දෑවැදි ඉල්ලා අඩන්තේට්ටම් කරනවා නම් දැඩි දඬුවම් දෙන්න ඕනෑ කියලා (නි)

:       0       0

සරසි Tuesday, 22 September 2015 04:28 AM

මේක මොකක්ද මගේ නෝනත් එක්ක කෙනෙක්ව බලන්න ඇවිත් යෝජනාව ස්ථිර වුණා. ඊට පසුව දැම්ම මනමාලයාගේ අම්මයි අක්කයි මිනින්දෝරුවකුත් එක්ක ගිහින් දෑවැද්දට දෙනවා කියපු ඉඩමේ අදාළ පර්චස් ගණන හරියටම තියෙනවාද මැනලා. මේක ආරංචි වුණ ගමන් මනමාලිගේ තාත්තාගේ යෝජනාව එතැනින්ම ඉවර කළා (බ)

:       0       0

හේමන්ත Wednesday, 23 September 2015 08:05 AM

අජිත් අක්කරවලට වඩා අඟල වපුරා ගන්න පහසුයි (බ)

:       0       0

රූපවති Tuesday, 22 September 2015 06:16 AM

හොද වැඩේ ..! දෙමාපියන් දහදුක් විදලා ලොකු මහත් කරලා කෙල්ලක් හදල දීග දෙනවා ජීවිත කාලෙටම දාසියක් වගේ ගෙදරටයි වත්ත පිටියටයි කුස්සියටයි තම දරු පැටවුන් වෙනුවෙනුයි ස්වාමියාගේ තාඩන පීඩන මැද්දේ ...තම සේවය ඉදිරි පරපුරට කැප කරන්න. ඒ මදිවට එනවා වත්තේ දිග පළල මනින්න. ගෙදරට නාකි වුණත් දෙන්න හොද නැහැ දේපළට පෙරේත මිනිහෙකුට. හදවතේ පැවතෙන උතුම් මිනිස්කම් ඔය හැම දේපලකටම පරාදයි..!ඒ ටික නොදන්නා කකුල් දෙකේ හරකෙකුට දෙන්න එපා කෙල්ලක් දීගෙට ..? (අ)

:       0       0

අජිත් Tuesday, 22 September 2015 01:13 PM

මටත් අල්ලක විතර කුඹුරු කෑල්ලක් හම්බවුනා දෑවැද්දට. මම ඉතින් එකෙන් සැනසුනා.(හේ)

:       0       0

ඩයස් Wednesday, 23 September 2015 05:49 PM

අජිත්ගේ කුඹුර මට අ‍ඳේට දෙන්න බැරිද? (නි)

:       0       0

රුවනි Tuesday, 22 September 2015 02:33 PM

අද කාලේ නැන්දම්මලා සහ නෑනලා තමයි සැමියාටත් වඩා මේ වත්තේ හතරමායිම් බලන්නේ (නි)

:       0       0

කෙවින් Wednesday, 23 September 2015 10:20 AM

මට නම් දෑවැද්දට මහා ලොකු ආදරයක් ලැබුණා මගේ බිරිද ලැබෙනකොට .ඊට වඩා තවත් දෑවැද්දක් තියෙනවද ? (බ)

:       0       0

ආරච්චි Tuesday, 22 September 2015 07:57 AM

මම නම් වත්තේ දිග පළල මනින්නේ නැහැ, (අ)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 22 September 2015 02:43 PM

අජිත් වගේ හුඟ දෙනෙක් සෑහීමකට පත්වෙලා නිකා ඉන්නවා (නි)

:       0       0

සරත් Wednesday, 23 September 2015 10:56 PM

අජිත්, ඔබ හරි. අඳයට ගත්තත් දුන්නත් වෙන්නේ කුඹුරු කෑල්ල නැතිවෙන එක විතරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 270 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 577 1

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 204 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 800 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 885 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 695 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 784 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 204 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1245 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site