IMG-LOGO

​‘මනාලිය’ බලන්න ගෙනා කේක් ​ගෙඩියේ සල්ලි ඉල්ලා ‘මනාලයා’ ​පොලිසි ගිහින්

ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක 

පුවත්පතක පළවූ මංගල දැන්වීමකට අදාළව සහකාරිය බැලීමට ඇගේ නිවෙසට පැමිණි අවස්ථාවේ රැගෙන ආ කේක්  සහ කෙසෙල් ගෙඩි ඇතුළු භාණ්ඩවලට වැය වූ මුදල ලබා දෙන ලෙස ඉල්ලා සහකරුවකු මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පවසයි.

පැමිණිලිකාර සහකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයකු වන අතර සහකාරිය මිනුවන්ගොඩ පොලිස් වසමේ පදිංචි 43 හැවිරිදි තරුණියක බව පොලිසිය කියයි.

තරුණියගේ මව්පියන් තම දියණියට සුදුසු සහකරුවකු සොයා ගැනීම සඳහා පුවත්පතක පළ කළ එම මංගල දැන්වීමකට අනුව  පැමිණිලිකාර සහකරු ඥාතීන් පිරිසක් ද පිරිවරාගෙන තරුණියගේ නිවෙසට පැමිණ ඇති බව පොලීසිය කියයි. නිවෙසට පැමිණි එම පිරිසට තේ පැන් සංග්‍රහයක් සහ දිවා ආහාරය සැපයීමට තරුණියගේ පාර්ශ්වය  කටයුතු කර ඇති බව පොලිසිය පැවසීය.

පැමිණිලිකාර සහකරු නැවත අවස්ථා හතරකදී තරුණියගේ නිවෙසට කේක් ගෙඩියක් සහ කෙසෙල් ඇවරියක් රැගෙන පැමිණ ඇතත් තරුණිය ඔහුට ප්‍රිය මනාප නොමැති බව තරුණියගේ මාපියන් සහකරුට දන්වා ඇති බව පොලිසිය කීය.

ඊට උරණවූ සහකරු තමන් එම නිවෙසට යන විට රැගෙන ගිය කේක් සහ කෙසෙල් ඇවරිවලට වැය වූ මුදල් ඉල්ලා මෙසේ  මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්‍ෂක එම්.කේ. රමණී නිලධාරිනිය එම පැමිණිල්ලට අදාළව තරුණියගේ පාර්ශවයද පොලිසියට කැඳවා කළ විමර්ශනයේදී පැමිණිලිකරුට ගිය  වියදමට වැඩි වියදමක් ඔහුට සහ ඔහුගේ ඥාතීන්ට සැලකීමට වියදම් වූ බව තරුණියගේ පාර්ශවය පවසා තිබේ. 

පැමිණිලිකරු ඉල්ලා සිටින මුදල් ලබාදීමට තරුණියගේ පාර්ශවය පොලීසියේදී එකඟ නොවුණ හෙයින් සිවිල් නඩුවක් පවරා තරුණියගේ පාර්ශවයෙන් කේක් සහ කෙසෙල් ගෙඩිවලට වැය වූ මුදල් අයකර ගන්නා බවට පැමිණිලිකරු පොලිස් පොතේ අත්සන් තැබීමෙන් අනතුරුව දෙපාර්ශ්වය පොලිසියෙන් පිටව ගිය බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

​‘මනාලිය’ බලන්න ගෙනා කේක් ​ගෙඩියේ සල්ලි ඉල්ලා ‘මනාලයා’ ​පොලිසි ගිහින්

පොඩිඑකා Saturday, 11 March 2023 12:24 AM

ඔව්නේ, කේක් ගෙඩිය බේකරියෙන් ණයටනේ ඉල්ලගෙන ආවේ...?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 368 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 530 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site