IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මනාලයා බොන්න වතුර එකක් අරන් එද්දී මනාලිය පැනගිහින්

මනාලියට බීමට වතුර බෝතලයක් ගෙන ඒමට සුපිරි වෙළඳසලකට මනාලයා ගිය අවස්ථාවේදී පිටුපසින් පැමිණි මෝටර් රථයක නැගී මනාලිය පලාගොස් ඇති බැව් අම්බලන්ගොඩ පොලිසිය පවසයි.


මනාලිය වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර මනාලයා නුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.


විදේශ රටක රැකියාව කරමින් සිටියදී ඇති වූ හිතවත්කමක් මත දෙපාර්ශ්වයේම කැමැත්ත මත ඉකුත් 18 වැනිදා අලුත්ගම හෝටලයකදී විවාහ මංගල උත්සවය මහ ඉහළින් පවත්වා ඇති බවද පොලිසිය කියයි. 


විවාහ මංගල උත්සවයේ කටයුතු අවසන් වී නව යුවළ මධුසමය ගත කිරීමට කොළඹ බලා මෝටර් රථයකින් පිටත්ව ඇති අතර පයාගල ප්‍රදේශයේ වෙළඳසලක් අසල නතර කර මනාලයා සුපිරි වෙළඳසලකට ගොස් ඇති බව පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.


මනාලියගේ පිපාසය නිවීමට වතුර බෝතලයක් මිලදී ගන්නා අවස්ථාවේදී නව යුවළ ගමන්ගත් මංගල රථය පිටුපසින් පැමිණි වෙනත් මෝටර් රථයක් වෙත ගිය මනාලිය එහි නැග පලාගොස් තිබේ.


පලාගිය මනාලිය සොයා ගිය මනාලයා පසුව ඇය සොයාගත නොහැකි වූ බැවින් අම්බලන්ගොඩ පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර ඇත.


අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා සහ කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)

 



අදහස් (0)

මනාලයා බොන්න වතුර එකක් අරන් එද්දී මනාලිය පැනගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site