IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මනාලිය උස වැඩිවී පෙම්වතා මාරු වෙලා

විවාහ මංගල්‍යය සිදු කිරීමට දින නියම කර තිබියදී මනාලිය උස වැඩි බව පවසා පෙම්වතා තමා හැර ගියැයි තරුණියක් කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පැවසීය.
මෙසේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණියකි.
පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඇය තරමක් උස තරුණියකි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වී විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් සිටියාය.


තරුණිය මීට වසරකට පමණ ඉහතදී ගලිගමුව, අඹන්පිටිය ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් සිටිය දී අඹන්පිටිය ප්‍රදේශයේ වැඩපොළක් පවත්වාගෙන යන විවාහක තරුණයකු පැමිණිලිකාර තරුණිය නෙත ගැටී ජපන් රටේ රැකියාවක් කරන සිය බාල සහෝදරයාට ගැලපෙන බව සිතා ඇති බවත් පොලිසිය පැවසීය.
වැඩපොළ පවත්වාගෙන යන විවාහක තරුණයා අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පුද්ගලයකු බවත් ගලිගමුව ප්‍රදේශයේ තරුණියක් විවාහ කරගෙන ගලිගමුව බිරිඳගේ නිවසේ පදිංචිව සිට වැඩපොළ පවත්වාගෙන යන බවත් පොලිසිය පැවසීය.
මීට වසරකට පමණ ඉහතදී වැඩපොළ පවත්වාගෙන යන තරුණයා හිතවත් තරුණයකු මාර්ගයෙන් දිනක් තරුණිය අඹන්පිටිය ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටිය දී කතා කොට කියා ඇත්තේ වැඩපොළ පවත්වාගෙන යන තරුණයාගේ මල්ලී ජපන් රටේ රැකියාවක් කරන බවත් ඔහුට මනාලියක් සොයනවා කැමැති ද යන්න පිළිබඳ විමසා ඇති බවත්ය. පසුව තරුණිය අකමැත්ත පවසා තිබේ. පසුව වැඩපොළ හිමිකාර තරුණයා තරුණිය සමග අවස්ථා ගණනාවක දී කතා බහ කොට තම බාල සහෝදරයාගේ ඡායාරූප පෙන්වා කැමැත්ත ලබාගෙන දෙදෙනාගේ දුරකතන අංක ද හුවමාරු කර ප්‍රේම සම්බන්ධතාව ආරම්භ කර දී ඇති බවත් පොලිසිය පැවසීය.


පසුව තරුණයා ජපන් රටේ සිටිය දී නොච්චියාගම පදිංචිව සිටින මව්පියන් තරුණියගේ නිවසටත් තරුණියගේ මව්පියන් තරුණයාගේ නිවසටත් ගොස් තොරතුරු සොයා බලා දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවට කැමැත්ත දී තිබේ. පසුව දෙදෙනා සම්බන්ධතාව පවත්වාගෙන යමින් සිටින අවස්ථාවේ දී තරුණයා ජපන් රටේ සිට තමන්ට රුපියල් 90000 ක පමණ මුදලක් එවා තිබුණු බවත් පැවසුවාය. තරුණයා මීට මාස අටකට පමණ පෙර ලංකාවට පැමිණ තිබේ. උසස් පෙළ සමත්ව නිවසේ සිටි තරුණියට විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ලෙස දන්වා ලිපියක් එවා තිබුණ ද විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටි පෙම්වතා එය වළකා තිබේ. පසුව තරුණිය වරකාපොළ ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රැකියාවකට යමින් එමින් සිටින අවස්ථාවේ දී එය ද තරුණයා විසින් වැළැක්වූ වූ බව පැමිණිල්ලේ සටහන් කර තිබේ.
පසුව තරුණයාගේ හා තරුණියගේ ඥාතීන් එක්ව දෙදෙනාගේ විවාහ මංගල්‍යය ඉතා උත්කර්ෂවත් අයුරින් සිදු කර ගැනීමට යෝජනා කර ඇති අතර විවාහ මංගල්‍යය පින්නවල ප්‍රදේශයේ හෝටලයක පැවැත්වීමටත් දින නියම කරගෙන තිබුණි. පසුව මනාලියගේ පාර්ශවයේ මව්පියන් දුවගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් නිවසේ තීන්ත ආලේප කිරීම, මනාලයාට පැළඳවීමට රන් මුද්දක්, රන් මාලයක් මනාලියට පළමු දිනේ ඇඳීමට මංගල සාරිය, හැඩ වැඩ ගැන්වීමට සිටින රූපලාවන්‍ය ශිල්පිනියට අත්තිකාරම් මුදලක් ගෙවා තිබීම හා විවාහ මංගල්‍යය පැවැත්වෙන උත්සව ශාලාවට අත්තිකාරම් මුදලක් සමග රුපියල් ලක්ෂ 11 ක මුදලක් මූලිකව වැය කර ඇති බවට තරුණිය කරන ලද පැමිණිල්ලේ සටහන් කර ඇති බවත් පොලීසිය පැවසීය.


දෙපාර්ශවයේ කැමැත්ත අනුව දෙදෙනාගේ විවාහ මංගල්‍යයට දින නියම කර සිටි මනාලයා තරුණියට දුරකතනයෙන් කතා කොට දන්වා ඇත්තේ ‘‘නංගි ඔයා මට වඩා උසින් වැඩියි. ඔයා උස වැඩි නිසා මම කැමැති නෑ විවාහ කර ගන්න. ඒ නිසා දෙදෙනාගේ සම්බන්ධතාවය මෙතැනින් නතර කර දමමු යැයි පවසා ඇති බවත් පොලිසිය පැවසීය. ඒ වනවිට තරුණයා තරුණියට හොර රහසේ විවාහයක් සිදු කරගෙන ඇති බවත් පොලිසිය පැවසීය.


පසුව තරුණිය සිය පෙම්වතාට කොපමණ කරුණු කාරණා පැහැදිලි කර දුන්න ද පලක් වී නොමැත. ඒ වන විටත් මනාලියගේ මව්පියන් විවාහ මංගල්‍යය පිළිබඳ තම ළඟම ඥාතීන් පිරිසකට ආරාධනා ද කර තිබේ. පසුව තරුණිය 4 වැනිදා කෑගල්ල මූලස්ථාන පොලිසියට පැමිණ විවිධ පැමිණිලි අංශයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එහි පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ ලක්ෂ 11 ට වැඩි මුදලක් විවාහය වෙනුවෙන් මව්පියන් වියපැහැදම් කර ඇති බවත් එම මුදල යළි ආපසු ලබා දෙන ලෙසත් මුළු මුදල නොමැති නම් අඩක මුදලක්වත් ඉල්ලා දෙන ලෙස පැමිණිල්ලේ සටහන් කර ඇති බව පොලිසිය පැවසීය.

 



අදහස් (0)

මනාලිය උස වැඩිවී පෙම්වතා මාරු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1916 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site