IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මනාලියට 75යි මනාලයාට 52යි දත් හැලුනත් හම රැලි වැටුනත් ඇය තාම සුන්දරයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පෙම්වතියගේ වයස අවුරුදු 75 ක් පමණය. පෙම්වතාගේ වයස අවුරුදු 52ක් පමණ වේ. ඇගේ සැමියා මියගොස් ඇති අතර ඔහුගේ බිරිඳ ඔහු හැර ගොසිනි. දෙදෙනාටම කලින් විවාහවල දරු මුනුබුරෝ වෙති. ඔවුහු වයස හතළිස් පනස් ගත කරමින් පසුවෙති. 75 හැවිරිදි පෙම්වතියගේ කතාව මෙසේය.


‘‘මගේ සැමියා මිය ගිහින් ගොඩක් කල්. වසර පහක පමණ කාලයක ඉඳලා මෙයත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තා. එදා ඉඳන් අපි දෙන්නා සතුටින් දීග කන්න  පටන් ගත්තා. අපරාදේ කියන්න බැහැ එයා මට හොඳට සලකනවා. පණ වගේ ආදරෙයි. දැන් අපි දෙන්නට දෙන්නා නැතුව මොහොතක්වත් ඉන්න බෑ. බොහොම ආදරෙන් සාමදානයෙන් ජීවත්වෙනවා. මේක සංසාරේ පතාගෙන ආ ආදරයක් කියලයි අපි හිතන්නේ. මෙයාව මට ලැබුණේ පෙර පිනකට. වයස ආදරයට බාධාවක් නැහැ. දෙවියන්ගේ නාමයෙන් අපි දෙන්නට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න.


52 හැවිරිදි පෙම්වතාගේ කතාව මෙසේය.


‘‘මම මෙයාට හදවතින්ම ආදරෙයි. බිරිඳ මාව දාලා ගිහින් ගොඩක් කල් වෙනවා. මම ජීවත්වුණේ පාළුව කාන්සිය තුරුළු කරගෙන. මෙයා එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් අවුරුදු පහක් විතර වෙනවා. මම මෙයාව අරගෙන ආවේ මට නැතිවුණ සෙනෙහස ආදරය ලබාගන්නයි පාළුව තනිකම මකා ගන්නයි. මෙයාගෙන් ඒ හැම දෙයක්ම මට  අඩුවක් නැතිව ලැබෙනවා. අපි දෙන්නාගේ ආදරය ස්ථිර ආරයක්. ඒකට කවුරුවත් අකුල් හෙලන්න එපා.


මෙම වියපත් යුවළගේ නැවුම් ආදර අන්දරය හෙලි වූයේ උහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතා ඉදිරියේය.


ඒ මෙම ආදර අන්දරය අවසන් කර තම මව නිවසට ගෙන්වා ගැනීම සඳහා 75 හැවිරිදි මනාලියගේ පෙර විවාහයේ පුතුන් දෙදෙනකු විසින් කරන ලද පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීය.


මේ පැමිණිල්ල ගැන ඇසූ පෙම්වතාගේ සිත කීරි ගැසී ගියේය. හදවත ගැහෙන්නට විය.


‘‘ඔයා දරුවන් ළඟට ගියොත් මට මොනව වෙයිද දන්නෙ නැහැ. අනේ රත්තරනේ එහෙම කරන්න එපා. මගෙ හිතට දුක් දෙන්න එපා’’ යි. දෙනෙතින් මතු වූ කඳුළු අතරින් කීවේය.


පෙම්වතාගේ නෙත’ග කඳුළු දුටු පෙම්වතියගේ හදවත උණුවූයේ වෙඬරු පිඩක් මෙනි.


මම මොනම හේතුවක් නිසාවත් ඔයා අතහැර යන්නේ නැහැ. මැරෙනකම්ම මම ඔයා ළඟට වෙලා ඉන්නව යැයි ඇය පවසා ඇත්තේ අනියම් සැමියා දෙස දයාබර බැල්මක් හෙලමිනි.


‘‘අම්මාට ගෙදර යන්න කියා බල කරන්න අපට පුළුවන් කමක් නැහැ. ඇයට එරෙහිව නඩු පවරන්න බලයකුත් නැහැ යැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා පැමිණිලිකාර පුතුන් දෙදෙනා සමග පවසා ඇත්තේ ඇය (75 හැවිරිදි කාන්තාව) දරුවන් දෙදෙනා සමග යාම තරයේ ප්‍රතික්ෂේප කළ නිසාය.


හම රැලි වැටී දත් හැලී තිබුණත් ඇය සුන්දර පෙනුමක්  ඇති කාන්තාවක් බව පොලිසියට පෙනී ගොස් ඇත.


පුතුන් දෙදෙනාට සමුදුන් ඇය පොලිස් ස්ථානායෙන් පිටව ගියේ අලුත බැඳපු මනාල යුවළක් විලසින් දෑත් පටලවාගෙන බව පොලිසිය කීය.


වයෝවෘද්ධ මව ඇයගේ අනියම් සැමියා සමග දෑත් පටලවාගෙන යන දෙස බලා පුතුන් සිටියේ සුසුම් හෙළමිනි.

 



අදහස් (3)

මනාලියට 75යි මනාලයාට 52යි දත් හැලුනත් හම රැලි වැටුනත් ඇය තාම සුන්දරයි

ශංඛ Saturday, 23 May 2020 10:43 AM

ඇත්තටම හොඳයි මෙහෙම ආදරයක්... හැබැයි ඉතින් ලංකාව වගේ රටක දරු මුණුපුරන්ට පාරෙ බැහැල යන්න බැරි එක තමයි වැඩේ. පිටරට වලට නම් ඕක එච්චර ගානක් නැහැ...

:       3       28

Kumar Saturday, 23 May 2020 03:00 PM

මේක අමුතු දෙයක්ද? ආදරවන්තයින් දෙදෙනාට සුබපතන්න ඕනේ.... දත් නැති වයසින් අඩු ගැහැණු සැමතැනම ඉන්නවා. ප්‍රංශයේ ජනාධිපතිතුමාත් විවාහවෙලා සිටින්නේ තමාගේ වයසට වැඩි තමන්ට අකුරු කියාදුන්නු ගුරුවරියවයි.

:       0       27

kusal Sunday, 24 May 2020 07:43 AM

ඉතින් ඕක මොකද්ද?

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site