මුහුණු පොත හරහා ගොඩ නඟා ගත් ප්‍රේම සම්බන්ධයක් මල්ඵළ ගැන්වී නොබෝ දිනකින් මංගල උත්සවයක්ද පවත්වා සහකාරිය නිවසට කැඳවාගෙන ගොස් එක් රැයක් එහි තබාගෙන සිට නැවත ඇගේ නිවසට පිටත් කොට යැවූ සිද්ධියක් දැනගන්නට ලැබිණි.
දැන ගැනීමට ලැබුණු පරිදි ඇය 21 වැනි වියේ පසුවන්නියෙකි. ‘ෆේස්බුක්’ හරහා ඇය තිස් වැනි වියේ පමණ පසුවන තරුණයකු හඳුනාගෙන තිබේ. මේ මිත්‍රත්වය ප්‍රේම සම්බන්ධයක් දක්වා වර්ධනය විය. දුරකතනවලින් පෙම් කළද මුහුණට මුහුණ හමුවී කතාබහ කිරීමට තවත් ටික කලක් ගතව තිබේ.
ඒ අවස්ථාවද උදාකර ගත් දෙදෙනා දැක හඳුනාගත් දිනට පසුදිනම ඔහු ඇයව සිය නිවසට කැඳවාගෙන ගොස් සාදයක්ද පවත්වා ඥාති මිත්‍රාදීන්ට කෑමෙන් බීමෙන් සංග්‍රහ කර ඇත.
එහෙත් මනාලියට මනාලයා සමග මදු සමය ගත කිරීමට ලැබී ඇත්තේ එක් රැයකි. පසුදින ඇයට ඇගේ නිවසට යාමට සිදුව ඇත. මනාලයාද සේවයට වාර්තා කිරීමට ගොස් ඇත. යළි ඔහු ගැන තොරතුරක් ඇයට දැන ගැනීමට ලැබී නැත. ඔහුගේ ජංගම දුරකථනයද ගොළු වී තිබේ.
ගල්ගමුව නිහාල් ජයවීර
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මනාලයාට හනිමූන් රැයේම මනාලිය එපාවෙලා