තිහගොඩ - උපසේන ලියනගම
සිය මනාලියට කරන්නට ගිය විහිළුවක් නිසා මනාලයාගේ දකුණතෙහි ඇඟිලි දෙකකට හානි වීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුනේ පේරාදෙණිය පැත්තේ උපනගරයකිනි.
එකම කාර්යාලයේ සේවය කළ මේ දෙදෙනා විහිළු තහළු කිරීමේ ප්‍රතිඵලයක් මත ඉතා හිතවත් වී පසුව ආදර සබඳතාවක් ගොඩ නගාගෙන පසුගිය දා දෙපාර්ශ්වයේම කැමැත්ත මත විවාහ දිවියට එළඹියහ. මධුසමය ගත කළේ කඳුකරයේ ප්‍රකට හෝටලයකය.
එහි ගිය ඔවුහු නෑදෑ පිරිසෙන් සමුගෙන කාමරයට ගිය අතර මනාලිය නාන කාමරයට ගියාය. ඇයට විහිළුවක් කිරීමට සිතා මනාලයා නාන කාමරයේ දොර අරිද්දි බියපත්ව මනාලිය කිසිත් සිතාගත නොහැකිව වැරෙන් දොර වැසුමෙන් මනාලයාගේ දකුණු අතේ ඇඟිලි දෙකක් දොරට තද විය.
ඔහුට දෙවියන් සිහි වෙද්දී අනතුර තේරුම් ගත් මනාලිය වහා දොර විවෘත කළාය. පසුව ඔහුට ප්‍රතිකාර ලබා දුන්නත් පසුදා දෙවැනි ගමනේදී මනාලයාගේ අතෙහි වූ වෙලුම් පටි දුටු බොහෝ දෙනා ඒ ගැන විමසීම ඔවුන් ලැජ්ජාවට පත් කරන සිදුවීමක් වුණාලු.
2025 නොවැම්බර් මස 04
81
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මනාලියට විහිළු කරන්න ගිහින් මනාලයාට දවල් තරු පෙනෙයි