IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මනාලියක් ඉල්ලා සීයා දැන්වීමක් දාලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න


තමාට බිරිය සලකන්නේ නැතැයි පවසා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර කාන්තාවක් සොයා ගැනීමට පුවත්පත් දැන්වීම් කාර්යාලයකට කිහිලිකරු ආධාරයෙන් ගොස් ඇතැයි කියන පුද්ගලයකු පිළිබඳ පුවතක් මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
මංගල දැන්වීමක් පළ කර කාන්තාවක් සොයා ගැනීමේ අරමුණින් පුවත්පත් දැන්වීම් කාර්යාලයට ගොස් ඇත්තේ 79 හැවිරිදි පස් දරු පියෙකි. මෙම පස් දරු පියා පළමුව කාන්තාවක විවාහ කරගෙන දරුවන් තිදෙනෙකු සිටි අවස්ථාවේ දී රිය අනතුරකට මුහුණ දීමෙන් පසුව බිරිය හදිසියේ මිය ගියේය.
පසුව යළි දරුවන් නොමැති වැන්දඹු කාන්තාවක වැඩි කාලයක් යන්නට පෙර නිවසට කැන්දාගෙන පැමිණ ඇති තිදරු පියා ඔහුට දාව දෙවැනි බිරිඳට දරුවන් දෙදෙනෙකු උපත ලබා ඇති අතර ඔහුට මුළු දරුවන් පිරිස පහකි.
දැනට දරුවන් පස් දෙනාම විවාහ වී වෙන වෙනම නිවාස තනාගෙන පදිංචිව සිටින අතර මහ ගෙදර නිවසේ පදිංචිව සිටින්නේ වියපත් යුවළ පමණි. දරුවෝ පස් දෙනා මවුපියන්ගේ දුක සැප නිතර නිතර සොයා බලා අඩුපාඩු සපුරති.


වසර දෙකක පමණ කාලයක සිට කකුල් දෙකේ දණහිස් අමාරුවක් හේතුවෙන් වියපත් පස් දරු පියාට එක් දියණියක කිහිලිකරු දෙකක් ගෙනත් දී ඇත. කිහිලිකරු දෙකෙන් කඩ මණ්ඩියට ද යන එන පස් දරු පියා කලක සිට දිවි ගෙවමින් සිටියේ කනස්සල්ලෙන්ය. ඒ බිරිඳගෙන් වෙනදා තිබුණු ආදරය සෙනෙහස අඩු බවක් දැනීමෙන් පසුවය. 
පසුව තිදරු පියා තමාට සැලකීමට ගුණ යහපත් කාන්තාවක සොයා ගැනීමට කල්පනා කළේය.
මීට මසකට පමණ පෙර දිනක පස් දරු පියා කිහිලිකරු දෙක ආධාරයෙන් මංගල දැන්වීමක් පළ කර ගැනීමේ අරමුණින් පුවත්පත් දැන්වීම් කාර්යාලයකට ගොඩ වී ඇත. පවුලේ තොරතුරු හා තමා පැමිණි කාරණය පිළිබඳ තරුණ දැන්වීම් කළමනාකරුට වයෝවෘද්ධ පුද්ගලයා පවසා ඇත. ‘‘මගේ පළමු බිරිඳ මිය ගියා. දෙවැනියට බිරිඳක් ගෙනාවා. දරුවන් පස් දෙනෙක් මට ඉන්නවා. දරුවෝ මට කන්න බොන්න අඳින්න දෙනවා. දෙවැනි බිරිඳ මා ගැන සොයා බලන්නේ නෑ. ඉස්සර අපි දෙන්නා එකට නිදා ගත්තා. මෑතක ඉදලා බිරිඳ වෙනම නිදා ගන්නවා. මගේ හිතේ තියෙන වේදනාව කියන්න කෙනෙක් නෑ. මට විශ්‍රාම වැටුපක් තියෙනවා. ආදරයෙන් මාව බලා ගන්න පුළුවන් කාන්තාවක් සොයා ගන්න පුළුවන් ද කියලා බලන්න මම මෙතනට ආවේ. ගැළපෙන කාන්තාවක් සොයා ගන්න පුළුවන් වෙයි නේද යැයි’’ වයෝවෘද්ධ පුද්ගලයා කළමනාකරු හමුවේ පැවසීය. තොරතුරු ඇසූ කළමනාකාරවරයා පුදුමයට පත් විය.
‘‘දරුවන්ගෙන් හා බිරියගෙන් අහන්න වෙයි නේද සීයේ දැන්වීමක් දැම්මාට ප්‍රශ්නයක් නැද්ද කියලා’’ කළමනාකරු වයෝවෘද්ධ පුද්ගලයාගෙන් විමසා ඇත. ‘‘ඒ අයගෙන් අහන්න අවශ්‍යතාවයක් නෑ පුතා’’ වයෝවෘද්ධ පුද්ගලයා කළමනාකරු හමුවේ පැවසීය. ඔහුගේ දැඩි ඉල්ලීමට දැන්වීමක් පළ කර දී ඇති අතර තමාට කිසිම කාන්තාවකගෙන් පිළිතුරු ලිපියක් ආවේ නැතැයි පවසා යළි දැන්වීම් කාර්යාලයට වයෝවෘද්ධ පුද්ගලයා මීට දින කිහිපයකට ඉහතදී පැමිණ ඇතැයි ද වාර්තා වෙයි.

 



අදහස් (0)

මනාලියක් ඉල්ලා සීයා දැන්වීමක් දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site