IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


මිනිය ගෙනෙද්දී රියෙන් නැගුණු ශබ්දයෙන් රියැදුරුට එලොව පොල් පෙනිලා

(පස්ගොඩ - තිලක් එච්. ගමගේ)

මියගිය පුද්ගලයකුගේ සිරුර ගාල්ල කරාපිටිය රෝහලේ සිට රැුගෙන ඒමට සිදුව තිබූ බැවින් අවමංගල රථයක් ඒ සඳහා පිටත් කරන ලදී.

රියෙහි සහායකයාද හදිසි අවශ්‍යතාවක් නිසා නොපැමිණි බැවින් රථයේ රියැදුරාට පමණක් ඒ ගමන යාමට සිදුවිය.

සිරුර රෝහලෙන් රැගෙන එනවිට හොඳටම ? බෝවී තිබිණි. අවාසනාවකට මෙම කැලය මැදදී විශාල හඬක් නන්වා එහි රෝදයක හුළං ගියේය. රියැදුරා වාහනය මාර්ගය අයිනට කර නැවැත්විය.

ඝණ කැලෑව හේතුවෙන් අන්ධකාරය දෙගුණ තෙගුණ වී තිබිණි.

රියදුරා බිමට බැස්සේ මේ මොහොතේ කාගේ හෝ පිළිසරණක් අපේක්‍ෂාවෙනි. ඔහු මාර්ගයේ යන එන වාහන ගැන සැලකිලිමත් වූවත් වාහනයක ශබ්දයක් ඇසෙන පේන තෙක් මානයක නැත. හදිසියේම කුඩා වෑන් රථයක් එනු දුටු රියැදුරා මාර්ගයට පැන එය නවතා ගත්තේය. වාහනයට සිදුව ඇති ආබාධය පැවසූ රියදුරා පිටුපස තිබූ අමතර රෝදය ගැනීමට ඔවුන්ගේ ජංගම දුරකතනයේ එළියෙන් දොර හැරියේය.

දොර ඇරෙන විට එහි තිබූ මළමිනිය දුටු සැනින් කලබලයටපත් වාහනයේ පැමිණි දෙදෙනා වහවහා තම වාහනයට නැග පලා ගියේ භීතියෙනි. තමා තවත් අසරණ වූ බවත් රියැදුරාට දැනුණි.

රියෙහි සීට් එක යට සඟවා තිබූ අරක්කු බෝතලය සිහියට නැගිණි. එය කඩා කටට වත්කර ගත් රියැදුරා හිතට හයියක් ගත්තේය.

තම ජංගම දුරකතන එළියෙන් එහි හුළං ගිය රෝදය පිරික්සන්නට විය. පුදුමයකි වාහනයේ රෝද හතරම නිරුපද්‍රිතව තිබිණි. සිදුවුයේ කුමක් දැයි ඔහුටත් විමතියකි.

වහවහා රිය පණ ගන්වා පැමිණි ඔහු ආපසු බැලූවේ මල්ශාලාවේදීය.



අදහස් (2)

මිනිය ගෙනෙද්දී රියෙන් නැගුණු ශබ්දයෙන් රියැදුරුට එලොව පොල් පෙනිලා

Ugitha Wednesday, 23 August 2017 11:25 AM

හුලන් ගියා කියනවා ආයේ තියෙනව කියනවා, බොරු කතා

:       0       14

මංගල Thursday, 24 August 2017 03:20 AM

ඝණ කැලයක් මැද කියලනේ කියන්නේ. අනිවාර්‍යයෙන්ම සත්තුන්ට බැදපු තුවක්කුවක් පත්තු වෙන්න ඇති ලගපාතින්. හොද වෙලාවට නුල් බදින්න වුනේ නැත්තේ.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1526 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 486 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site