IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මිනිය එම්බාම් කරන්න මල් ශාලාවට බඳ පටියත්, කොට්ටයත් අරන් ගිහින්

දුෂ්කර ගම්මානයක වයස්ගත පුද්ගලයෙක් නිවසේදීම මිය ගියේය. නිවසේ හිමිකරුවෝ වහාම ප්‍රදේශයේ මල් ශාලාවක් වෙත ගොස් තම ඥාතියාගේ මළ සිරුර එම්බාම්කර අවශ්‍ය කටයුතු කරදෙන ලෙසට ඉල්ලා සිටියහ.


මල් ශාලාවේ සේවකයින් ප්‍රකාශ කළේ සිරුර මල්ශාලාවට රැගෙනවිත් එම්බාම් කිරීම් කටයුතු සිදුකළ යුතු බවයි. 


ඒ අනුව මල් ශාලාවේ වාහනයකින් සිරුර රැගෙනවිත් අවශ්‍ය කටයුතු සිදු කෙරිණි.


මල් ශාලාවේ සේවකයන් මියගිය පුද්ගලයා පැළඳ සිටි බඳපටිය ඔහු භාවිතා කළ කොට්ටය ඇතුළු අනෙකුත් දේද රැගෙනවිත් තිබිණි.


සිරුර කල්තබා ගැනීමට බෙහෙත් ගැල්වීමේ කටයුතු අවසන්වීමෙන් අනතුරුව ඥාතීන් මියගිය පුද්ගලයාගේ බඳ පටිය හා කොට්ටය පිළිබඳව සොයා බලා තිබේ. ඒ ඔහු පැළඳ සිටි බඳපටියේ පොකැට්ටුවක රුපියල් 15,000කට ආසන්න මුදලක් තිබුණු බවට ඔවුන් දැන සිටි නිසාය. ඊට අමතරව කොට්ටය ඇතුළේද තම දරුවන් මියගිය අය වරින් වර ලබාදුන් මුදල් සඟවා තිබිණි.


මල් ශාලාවල සේවය කරන සේවකයින් මියගිය පුද්ගලයින්ගේ මුදල් හා වටිනා දේ මෙවැනි ස්ථානවල තිබෙන බව දන්නා බැවින් දේහය සමඟ ඒ සියලු දේ රැගෙන ගොස් අවශ්‍ය දේ ගෙන අනෙක් ඒවා විසිකර දමති.


මේ පිළිබඳව දැනගත් ඥාතිහු අදාළ මල්ශාලා මේ හිමිකරුගෙන් මේ පිළිබඳව විමසා සිටියහ. මල්ශාලා හිමිකරු මේ කිසිවක් දැන සිටියේ නැත. වහාම සේවකයින් ගෙන්වා බඳපටිය සහ කොට්ටය පිළිබඳව විමසූවිට සේවකයින් බඳ පටිය ආපසු ලබා දුන්නද එහි පොකැට්ටුවේ තිබුණු මුදල් නම් තිබුණේ නැත. මල්ශාලා හිමිකරු සේවකයින්ට තරයේ අවවාද කරනු දක්නට ලැබිණි.

(බලංගොඩ විශේෂ වයි. ඒ. වයි. වීරවංශ)



අදහස් (0)

මිනිය එම්බාම් කරන්න මල් ශාලාවට බඳ පටියත්, කොට්ටයත් අරන් ගිහින්

ලක්ෂි Wednesday, 24 August 2016 06:23 AM

මහේෂ් ඩුබායි ඔය වගේ මිනිස්සුන්ට කියන්න ඕනේ පාරේ හිඟාකන්න කියල නෙමේ නගර සභාවේ වැසිකිලිවල හාරගෙන කාල ජීවත් වෙයල්ල කියල. (බ)

:       0       0

කිත්සිරි Tuesday, 23 August 2016 03:26 AM

මේ තරයේ අවවාද කරන්නේ අනිත් අයට පෙනෙන්න වෙන්න ඇති. මොකද අයිතිකාරයාත් බබෙක් නෙමෙයිනේ. (නි)

:       0       0

මහේෂ් ඩුබායි Tuesday, 23 August 2016 01:24 PM

අනේ මෝඩ මිනිස්සුනේ.. උබලා මේ ලෝකෙම සල්ලි හොරකම් කලත් කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නෑ... තමන්ට පුළුවන් විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න... හෙන ගහන අපරාද මේවා. ඕකට වඩා හොදයි පාරේ හිගා කෑවනම්, අනුන්ගේ දේවල් හොරකම් නොකර. තොපිට සාප වේවා !!! (අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 23 August 2016 05:42 AM

අපේ කතාව නම් සිංහල බෞද්ධ, අවුරුදු දෙදහස් පන්සියක ඉතිහාසය වගේ ලොකු ලොකු කතා වලින්. පවුලේ කෙනෙක් මැරිලා ගෙදර මිනිස්සු දුකට සන්තාපයට පත්වෙලා ඉන්න වෙලාවක මේ වගේ තිරිසන් වැඩ කරන්නේ ඇත්තට තිරිසනුන්ටත් අන්ත මිනිස්සු (නි)

:       0       0

සජී Tuesday, 23 August 2016 08:22 PM

අපේ සීයා නැතිවුණේ කඩය ඇතුළේ. මල් ශාලාවෙන් ඇවිල්ලා මෙට්ටෙත් එක්කම අරගෙන ගියා. හැබැයි සල්ලි තිබුනේ කොට්ටය ඇතුළේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site