IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මිනියට පිනිදිය ඉහිනවා වෙනුවට අරක්කු කුප්පිය හලලා

ඔහු ගමේ කාගෙත් හොඳ හිත දිනාගෙන සිටි පුද්ගලයෙකි. ගමේ කෙනෙකුගේ ඕනෑම හදිසි අවශ්‍යතාවකදී ඔහු නැතුවම බැරිය. එනිසාම ගමේ සියලු‍ දෙනා ඔහු ඇමැතුවේ ‘ලොකු තාත්තා’ යනුවෙනි. ඕනෑම කෙනෙකුගෙ පවුලකට හදිසි අවශ්‍යතාවක් වූ විට එක් වරම කියන්නේ “ලොකු තාත්තාට එන්න’’ කියන්න යනුවෙනි.

ඔහු මත්පැනට ලොල්වී සිටියත් එය ගෙදරට හෝ ගමට කරදරයක් නොවිය. මේ අතර ඔහු හදිසියේම මිය ගියේය. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 62ක් විය. මළ ගෙදරට ගමේ සියල්ලෝද දුර බැහැර සිටින නැදෑමිත්‍රයෝ ද පැමිණියහ. පුද්ගලයකු මියගිය පසු ඔහු වඩාත්ම කැමති කෑමක් හෝ බීමක් ද නැතිනම් වෙනත් දෙයක් හෝ මිනිය සමග පෙට්ටියේ තැන්පත් කිරීමඩ ද එගම වැසියන්ගේ සිරිතක් විය.

මේ අතර ලොකු තාත්තා මිය යාමට පෙර එක් ඉල්ලීමක් ද කර තිබිණි.”මම මැරුණ දවසට මගේ පෙට්ටියෙත් අරක්කු ටිකක් තියාල්ලා” ඔහුගේ ඉල්ලීම විය. මියගිය පසු එම ඉල්ලීම ඉටු කිරීමට ඥාතිහු වගබලා ගත්හ. කුඩා බෝතලයකට අරක්කු ටිකක් දමා පෙට්ටියේ මුල්ලක තැබීය. මේ අතර පිණිදිය බෝතලයක් ද මිනියේ ඉහ අද්දර විය. පැමිණෙන බො‍හෝ දෙනා පිණිදිය බෝතලය ගෙන මිනියට පිණිදිය ඉස යාමද සිරිතක්  විය.

අවමංගල උත්සවයට දුර බැහැර සිට පැමිණි නෑදෑ පිරිසක්ද වූහ. එම පිරිස නගරයේ ජීවත්වූ නිසා ගම්බද ප්‍රදේශවල චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ එතරම් දැන සිටියේ නැත. මළ ගෙදරට පැමිණෙන අය පිණිදිය බෝතලය ගෙන මිනියට ඉසින අයුරු එම පිරිසේ එක් අයෙක් බලා සිටියේය. ඔහුද පෙට්ටිය අසලට ගොස් එහි තිබු කුඩා බෝතලයක් අතට ගෙන එහි පියන විවෘත කර එය මිනියට ඉස්සේය.

මුලු‍ නිවසම අරක්කු ගඳින් පිරි ගියේය. ඔහු පිණිදිය බෝතලයයි සිතා මිනියට ඉස ඇත්තේ අරක්කු බව දැන ගත්තේ පසුවය. සිදුව ඇති වරද නිවැරදි කිරීමට දැන් කාලයක් ද නැත . අවමංගල කටයුතු කිරීමට ද ආසන්නය. එනිසා පෙට්ටිය වසා දැමීමට ඥාතින් පියවර ගත් අතර වරද සිදු වූ පුද්ගලයා ද කිසිවෙකුටත් නොකියා පිටව ගොස් තිබිණි.

උණවටුන ඩී.ජී. සුගතපාල

 



අදහස් (0)

මිනියට පිනිදිය ඉහිනවා වෙනුවට අරක්කු කුප්පිය හලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site