(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ උපනගරයක් අසල වූ නිවසක විසූ මේ යොවුන් ළඳ දිගු කලක් තිස්සේ දේශපාලන බලවතුන් පසුපස ගොස් අගනුවර විදේශීය සමාගමක රැකියාවක් ලබා එහි ගියේ මීට වසරකට පමණ පෙරය.
රැකියා ස්ථානයේ යෙහෙලියන් කිප දෙනෙකු සමඟ බෝඩිමක නතර වී සිටි ඇය පසුගිය දා නිවසට ආවත් හදිසි කොරෝනා ඇඳිරි නීතිය නිසා සේවයට යා නොහැකිව නිවසටම වී සිටියේ මහත් පාළුවකිනි.
නිවසේ දිනපතා කෙරෙන ආගමික කටයුතු වලටවත් සම්බන්ධ නොවී සංකර ලෙස හැසිරෙන ඇය පිළිබඳව ආච්චි (පියාගේ මව) තුළ වූයේ මහත් නොමනාපයකි.
ඇය එදින උදෑසන තම ජංගම දුරකථනයෙන් ආයතනයේ යෙහෙලියක් ඇමතුවේ පැටියෝ කියමිනි. කීප වරක්ම ‘අනේ පැටියෝ, ඔව් පැටියෝ’ කීම නිසා කෝපයට පත් ආච්චි මිනිබිරියගේ කාමරයට රිංගා ‘පැටියා කියන්නේ බං බලු පැටියෙක්ද? බළල් පැටියෙක්ද? ඇසුවේ උස් හඬිනි’ ‘අයියෝ අත්තම්මා එයාට ඇහෙන්නත් ඇති’ කී ඇය වහාම දුරකථනය විසන්ධි කළත් එය යෙහෙලියට ඇසී තිබිණ.
අක්කාගේ සංකර වැඩට කවදත් එරෙහි මල්ලී ‘කමෝන් ආච්චි’ කියාගෙන ඇය අසලට ගිය විට ඇගේ රතු ඉර පැන්නාලු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මිනිබිරියගේ පැටියා හොයාගෙන ආච්චි අම්මා කාමරේට රිංගලා