IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


මිනිපිරියගේ ‘පට්ට’ කතාවෙන් ආච්චිට ‘කට්ට’ පැනලා

ලිසී ආච්චි තරමක් සැරපරුෂ කාන්තාවකි.තම දූ දරුවන් නිතරම කල්ගෙවන්නේ අනියත බියකිනි. මන්දයත් ඔවුන් අතින් යම් අතපසුවීමක්, වැරදීමක් සිදු වුවහොත් ලිසී ආච්චිට යක්ෂයා ආරූඪවන්නේ නිරායාසයෙනි. 

කෙසේ වුවද තම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම කෑම බීම ඇඳුම් පැළඳුම් පිළිබඳව නිරතුරු සොයා බලා අවශ්‍ය පරිදි කටයුතු කිරීම ඇය මනා වගකීමක් ලෙසින් ඉටු කිරීමට අමතක නොකළාය. දිනක් තම මිණිබිරිය උපකාරක පන්තියකට ගොස් නිවසට පැමිණි විට පංති ගෙනයාම සඳහා ඇගේ මව සාදා දුන් උදෑසන ආහාරවේල පිළිබඳව ආච්චි විමසූ විට “ආච්චි අම්මේ කරවල ටික නම් පට්ට රහයි” යනුවෙන් පවසා කාමරය තුළට ගියාය. “මොනවා පට්ට රහයි” යනුවෙන් තමාටම කියාගත් ලිසී ආච්චි තම ලොකු දුවට කතාකොට රසට කෑම බීම පිළියෙළ කිරීම පිළිබඳව දේශනයක්දී දුවගේ කෑමවේල නිසි පරිදි සකස් කර නොදීම පිළිබඳව නොසෑහෙන සේ දොස් තැබුවාය.

එය මහා වාග් සංග්‍රාමයක් බවට පත්වූයේ නිමේෂයෙකිනි. මේ අතර තම කාමරයට ගොස් ඇඳුම් මාරු කරගෙන එතැනට පැමිණි මිනිබිරිය “ඇයි ආච්චි අම්මේ අම්මට බනින්නේ”යැයි විමසූ විට “කරවල ටික පට්ට රහයි” කියල කී නිසා අම්මට හොඳට දෙහි කැපුවා” යැයි කීවාය. එවිට මිනිබිරිය සිනාසී “අනේ ආච්චි අම්මේ, මම කරවල ටික පට්ට රහයි කියල කිව්වේ, හොඳටම රස නිසා” යැයි කී විට කරුණු අවබෝධ කරගත් ලිසී ආච්චි “අනේ මන්දා උඹලගෙ ඔය භාෂාව අපිටනං තේරෙන්නේ නැහැ” යි කියමින් මුළුතැන් ගෙයින් නික්ම ගියාය. (කඹුරුගමුවේ සමරරත්න එච්. ගමගේ)



අදහස් (0)

මිනිපිරියගේ ‘පට්ට’ කතාවෙන් ආච්චිට ‘කට්ට’ පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 157 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 94 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1687 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site