IMG-LOGO

මන්ත්‍රී වාහනේ ඩීසල් තියෙන්නේ දෙන්නටයි: තව ගෙනියන්න ඉඩ නෑ

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
වාතයක් වන සිය ඡන්ද දායකයන්ගෙන් බේරීමට අපූරු උපක්‍රමයක් යෙදූ ප්‍රාදේශීය දේශපාලනඥ    යකු පිළිබඳව ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ.


මෙම පුද්ගලයා ගමේ සිටින එක් පක්‍ෂයකට ලැදි පුද්ගලයෙකි. ඔහු එම පක්‍ෂයේම එක් අපේක්‍ෂකයකුට සෑම මැතිවරණයකම උදව් කර තිබේ. එම අපේක්‍ෂකයා මැතිවරණයෙන් ජයග්‍රහණය කර ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටී. මන්ත්‍රීවරයාගේ උදව්කරු කිසිදු රැකියාවක් නොකර අනුන්ගේ පිහිටෙන් මන්ත්‍රීතුමා පාවා දෙමින් හොඳට කා බී විනෝදයෙන් කල් ගෙවයි. 


“මට මගේ මන්ත්‍රීතුමාට කියලා කරගන්න බැරි දෙයක් නැහැ.” යැයි කියමින් මොහු මන්ත්‍රීගෙන් වැඩක් කරදීමට කියා ඇතමුන්ගෙන් මුදල් ගරාගෙන හොඳට කමින් බොමින් දවස් ගෙවයි.


මොහු කතා කරන විට කෙළ විසිවන අතර කාගේ හෝ වාහනයකට නැගුන විට ඒ තුළම කාරා කෙළ ගැසීම මොහුගේ පුරුද්දකි. මන්ත්‍රීවරයා ඡන්දය ඉල්ලන කාලේ මොහු වාහනයේ දමාගෙන ගොස් ඇත්තේ මොනවා කළත් වැඩට දක්‍ෂයා බව දන්නා හෙයිනි. මෝඩ පහේ අයකු වන මොහු මළ පොතේ අකුරක්වත් නොදනි. ඒ මෝඩ කමින් මන්ත්‍රීවරයා මොහුගෙන් හොඳ හැටි වැඩ ගෙන ඇත.
දිනක් මන්ත්‍රීවරයා තම වාහනයේ යනු දුටු මොහු අත දමා ඇත්තේ ළඟ සිටි අයකු රවටා ගැනීමටය. මන්ත්‍රීවරයා දුටුවත් වාහනය නවතා නැත්තේ මොහු වාහනය තුළ කෙළ ගසා අපවිත්‍ර කරන නිසාය.


එවිට ඔහු තමා ළඟ සිටි පුද්ගලයා ද රැගෙන මන්ත්‍රීවරයා හමුවට ගොස් “ඇයි සර් මාව දැකලත් වාහනය නැවැත්තුවේ නැත්තේ? යැයි විමසීය. ඒ විට මන්ත්‍රීවරයා “සොරි සන්, මගේ වාහනේ දෙන්නෙකුට එන්න විතරයි ඩීසල් තිබුණේ. ඔයා දැක්කනෙ දෙන්නෙක එනවා පිටි පස්සේ සීට්වල කවුරුත් හිටියේ නැහැනේ.” යැයි පවසා ඇත්තේ මොහු මෝඩ පුද්ගලයකු බව දන්නා නිසාය. එවිට ඔහු ළඟ සිටින පුද්ගලයා අමතා “දැක්කනේ මම කිව්වා අපේ මන්ත්‍රීතුමා මට එහෙම කරන් නැහැ කියලා.


එවිට අනෙක් පුද්ගලයා “ඔව් ඡන්ද කාලේ විතරයි මුළු වාහනේම මිනිස්සු ගෙනියන්න ඩීසල් ගහන්නේ නේද ? යැයි අසමින් හිනාවෙද්දී ඔහුට තරු පෙනුනාලු.

 



අදහස් (0)

මන්ත්‍රී වාහනේ ඩීසල් තියෙන්නේ දෙන්නටයි: තව ගෙනියන්න ඉඩ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 448 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 622 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site