මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
මධුසමයට ගිය මනාලිය හෝටලයේ තනිකර දමා රාජකාරි ස්ථානයේ අතිකාල සේවය සඳහා ගිය මනාලයකු පිළිබඳ පුවතක් මිණිකැට පිරුණු පුරවරයකින් අසන්නට ලැබිණි. කලක පටන් පැවති පෙම් සබඳතාවයක් මත සිදු වූ මංගල්‍යයකි. සතියේ සුබ දිනයක සුබ නැකතින් මංගල්‍යයේ කටයුතු සිදු කෙරුණි. සති අන්තයත් සමඟ තුන් දිනක් මේ යුවළ මධුසමය සඳහා දින වෙන් කර තිබිණි.
මංගල දාට පසු දින උදේ මනාලයාට දුරකතන ඇමතුමක් ලැබිණි. එයින් කියවුණේ එදින ඔහුගේ රාජකාරී ස්ථානයේ අතිකාල සේවයට නිලධාරියෙකුගේ අඩුවක් ඇති බව ය.
එය ඇසූ වහාම හිසේ මලක් පිපුණු මනාලයා මනාලියට චාටු බස් කියා ඉක්මනින් හැඳ පැළඳගෙන අතිකාල රාජකාරී සඳහා පිටත්ව ගියේ ය.
සැන්දෑවේ ඔහු ආපසු එනතුරු මනාලිය හෝටලයේ කාමරයට වී හුදෙකලාවේ කුසගින්නේ කල් ගත කළා ය.
දෙවෙනි ගමන යෙදුණු දවසේ මනාලිය සිය යෙහෙළියකට මේ බව හෙළි කිරීමෙන් පසු මනාලයා ගේ මධුසමයේ අතිකාල සේවය පිළිබඳ කතා පුවත කටින් කට යාම හේතුවෙන් අතිකාල මනාලයා යයි නමක් පට බැඳී ඇතැයි ද දැන ගන්නට ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මධුසමය පැත්තක දමා මනාලයා ඕටී කරන්න ගිහින්