කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
 මධුසමය ගත කළ රාත්‍රියේ මනාලයා හෝටල් කාමරයෙන් අතුරුදන් වී ඇතැයි කියමින් මනාලිය නැටූ ජවුසමක් පිළිබඳව අපූරු කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
මධුසමය ගත කළ රාත්‍රියේ මනාලයා හෝටල් කාමරයෙන් අතුරුදන් වී ඇතැයි කියමින් මනාලිය නැටූ ජවුසමක් පිළිබඳව අපූරු කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
ඔවුන් විවාහ වූයේ මේ ඊයේ පෙරේදාය. මධුසමය ගත කිරීමට ගියේ ලොකු හෝටලයකටය . රාත්‍රියේ කෑම කාබී ඔවුහු දෙදෙනා නින්ද ට ගියහ. මනාලිය මහ රෑ හදිසියේම අවදි වන්නේ ඔය අතරේදීය. ඇය කළුවරේම සිය යහන අතපත ගෑවේ මනාලයා සිටිනවාදැයි සෙවීමටය. තමා සමග යහන්ගත වූ මනාලයා දක්නට නොලැබීමෙන් මනාලිය එකවරම බියට පත්වූවාය.
ඒ සමගම ඔහු ගැන සොයා බැලුවාය. අවශ්‍යතාවකට නාන කාමරයේ ඇත්දැයි විදුලි පහන් දල්වා බැලුවාය. එහිදී ඔහු දක්නට නොලැබූ තැන මනාලියගේ බිය දෙගුණ තෙ ගුණ විය.
ඇයගේ හෘද ස්පන්දනය පිටට ඇහෙන තරම්ය . ඒ සමගම මනාලිය සිය හෝටල් කාමරයේ දොර ගැහෙන හදවතින් යුතුව රාත්‍රී ඇඳුම පිටින්ම විවෘත කළේ කළ හැකි වෙනත් විකල්පයක් නොවූ හෙයිනි. සිය හෝටල් කාමරයට යාබද කාමරයක විදුලි පහන් දල්වා පොඩි පහේ කතා බහක් ඇයට ඇසෙනුයේ මේ අතරය.
ඇය හෙමිහිට ඒ කාමරයට කිට්ටු කළාය. දොරට කන්දුන්නා ය. මනාලයාගේ කටහඬද ඒ අතරින් පතර ඇසුණාය. මනාලිය දොරට තට්ටු කළාය. සිය මනමාලයා මිතුරන් දෙතුන් දෙනෙකු සමග මධුවිත පානය කරමින් සිටිනු දුටු ඇය යක්ෂාවේශ වූවාය. රාත්‍රී ඇඳුම පිටින්ම නොපීරූ කෙස් වැටියද සහිතව මනාලයාගේ ඇඟට කඩා පැන්නේ යකින්නක ලෙසය. ඔහුට තඩි බාමින් සපාකෑවේ ඊරි යක්ෂණියක මෙනි. එයින් නොනැවතුණු මනාලිය මනාලයා සමග සිටි මිතුරන්ගේද ඇඟට කඩා පැන තඩිබෑවේ ඔවුනට ද දුවන්න පාරවල් සොයා ගත නොහැකි ආකාරයටය.
මනාල මිතුරු තමන්ගේ පිට්එකට ඔවුන් සිටි හෝටලයේම කාමරයක් ගෙන එදින රෑ ලැගුම් ගෙන තමන් මුහුණ පෑ සිද්ධිය එදා උදේම මේ මිතුරන් පිරිස කීවේ ආයෙත්නම් මේ වගේ දේ වල් නොකරන බවට පොරොන්දු වෙමින්ලු .
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මධුසමයදා මනාලිය යකෙක් වෙලා
pakeer Sunday, 09 June 2024 12:22 PM
මම නම් දකින්නේ නෑ. මේ මනුස්සයා නියම පිරිමියෙක් කියලා. යාළුවොත් හොඳ අය වෙන්න බෑ.