ඔහු ප‍්‍රකට හිටිවන කවියෙකි. කථිකයෙකි. මගුලකදී අවමගුලකදී පමණක් නොව වෙනත් ඕනෑම උත්සවයකදී ඔහුට කතාවක් පැවරෙන්නේ නිරායාසයෙනි. විශේෂයෙන් මඟුල් හෝ අවමඟුල් උළෙලකදී ඔහුගෙන් කවියක් දෙකක් අසා සතුටුවීමට කවුරුත් පි‍්‍රය කළෝය. පසුගියදාක ඔහු අවමඟුල් උත්සවයකට ගියේ උදේ වරුවේ මංගල උත්සවයකට සහභාගිවීමෙන් පසුවයි. ඔහු එහි ළඟාවනවිට අවමගුලේ ආගමික වතාවත් අනුශාසනා සියලූ දේ නිමවී ගිහි ගුණකතන වාරය එළැඹියේය. මංගල උත්සවයේදී මධුවිතෙන් සප්පායම් වූ ඔහු මළගෙදරට එනවිට අඩක් බමන මතින් සිටියේය. ඈතින් ඔහු එනවා දුටු අවමඟුල් උළෙලේ නිවේදකයා කරමින් සිටි කතාව නිමවීමත් සමග ඔහුටද ගුණකතනයකට ආරාධනය කළේය. මයික‍්‍රපෝනය අතට ගත්තේය. අද දින සුබ මොහොතින් යුග දිවියට සම්ප‍්‍රාප්ත වූ අපේ රසවතාගේ හිතවතාගේ ඥාතියාගේ මංගල සාදයට පැමිණි අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ, දුවේ, පුතේ. ඔහුට කීමට ලැබුණේ එපමණකි. පුංචි පුතෙක් ඔහු ඉදිරියට විත් මාමේ මාමේ මේක මළ ගෙයක් කීවේය. උපත, යුගදිවිය, මව්පිය පදවි, ආච්චි සීයා ජීවන වේදිකාවේ විවිධ චරිත රඟපාන අපි කාටත් මේ යුග පුරුෂයාට වාගේ ජීවිත නාඩගම මරණයෙන් නිමකරන්න සිදුවෙනවා. මොන කෙළි කෙළියත් මළකෙළි කෙලින්නම වෙනවා. ඔහු ජාම් බේරාගත්තේ එසේය.
2025 දෙසැම්බර් මස 18
23
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මධුවිතෙන් සප්පායම් වී මළ ගෙදරදී මඟුල් කතාවක් කරලා
උකුස්සා Thursday, 05 April 2012 11:58 AM
තව පොඩ්ඩෙන් මෙයාගේ මළගේ තමයි.
සමන්ත Thursday, 05 April 2012 12:57 PM
මගුල් ගෙවල්වල කවි අහලා සතුටු වෙන්නේ කවුද ?
අලිබබා Thursday, 05 April 2012 02:20 PM
අද හැම වින්නැහියටම හේතව මත්පැන්. එචිචරයි මට කියන්න තියෙන්නේ.