IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මුදලාලි එනතුරු පැය හයක් රක්ෂණ නියෝජිතයා බලා ඉඳලා

මුදලාලි දැන් එනු ඇතැයි කියමින් රක්ෂණ නියෝජිතයකු පැය හයකටත් වැඩි කාලයක් තිස්සේ රස්තියාදු කරවමින් සේවකයකු ලෙස පෙනී සිටි මුදලාලි කෙනකු පිළිබඳව මීරිගම ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ.
කලක් තිස්සේ දහඩිය මහන්සියෙන් උපයා ගත් දෙයින් ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයෙකි. ඔහුගේ ව්‍යාපාරයේ කටයුතු සාධාරණය. හොර බොරු නැත. අසල්වාසීන්ට ඔහුගෙන් සිදුවන්නේ මහත් සෙතකි. මුදලාලි වුවත් උඩුකය නිරුවත්ව කොට කලිසමකින් පමණක් සැරසී සිටීම ඔහුගේ පිළිවෙතය. ඒ තරමටම නිහතමානීය.
ව්‍යාපාරය ආරම්භ කළ අවදියේදීම ආ රක්ෂණ නියෝජිතයකුගේ උපදෙස් අනුව ව්‍යාපාරය රක්ෂණය කළේය. මෑතක දී සිදුවූ සොරකමක් නිසා මහත් පාඩුවක් වුවත් ඒ නියෝජිතයා ඔහු ගැන බැලීම මග හැරීමෙන් ඔහු අසරණ වූයේය. එදා සිට මේ ව්‍යාපාරිකයාට රක්ෂණ නියෝජිතයන් ගැන ඇත්තේ පිළිකුලකි.
දින කිහිපයකට ඉහතදී රක්ෂණ ආයතනක නියෝජිතයකු ඔහු හමුවට ආයේය. සේවය ලබා ගැනීමේ වටිනාකම ගැන කියා දුන්නේය. පළමු රක්ෂණ නියෝජිතයාගේ වැඩපිළිවෙල ගැන කලකිරී සිටි ව්‍යාපාරිකයා අනේ මහත්තයා මුදලාලි ගමනක් ගියා එයා බලාගෙන හිටියේ මහත්තයෙක් එයි කියලමයි. ආවාම විස්තර කියන්න. මම  ඕව ගැන දන්නෙ නැහැ. ඔහු නියෝජිතයාට කීවේය.
මේ වදනින් ප‍්‍රබෝධමත් වූ නියෝජිතයා කොට කලිසමින් පමණක් සැරසී සිටි ගෝලයා දුන් තේ කෝප්පය ද පානය කරමින් බලා සිටියේ මුදලාලි එනතුරුය. පැය එක දෙක වී හයකටත් ආසන්නය. මුදලාලි තවමත් නැත. ඉර බැහැගෙන යයි. ”මහත්තයා මුදලාලි තවමත් නැහැනේ. මම දැන් කඬේ වහලා යනවා” කී මුදලාලි නිවසට ගියේ පැරණි අමනාපයට නියෝජිතයා පැය හයක් තිස්සේ රස්තියාදු කරවීමෙන් අනතුරුවය.



අදහස් (0)

මුදලාලි එනතුරු පැය හයක් රක්ෂණ නියෝජිතයා බලා ඉඳලා

දම්මි Tuesday, 15 January 2013 07:20 PM

හොදම වැඩේ. රක්ෂණ නියෝජිතයො වැඩිමනක් හොරු. (නි)

:       0       0

ජයතිස්ස Tuesday, 15 January 2013 10:57 AM

කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි. රක්ෂණ මහත්වරුන්‍ට හොඳ පාඩමක් (ස)

:       0       0

කෝලිත Wednesday, 16 January 2013 04:30 PM

අමිලට නංගිලා එහෙම නැද්ද? (නි)

:       0       0

සුදේශ් Tuesday, 15 January 2013 11:12 AM

දන්නේ නැති නිසා අහන්නේ . මීරිගම කොහෙද තියෙන්නේ ?(ස)

:       0       0

කවීන් Tuesday, 15 January 2013 11:16 AM

හිත හොද මුදලාලිගේ කඩෙත් හොරු කඩලා නේද ? (ස)

:       0       0

ලක්රුවන් Tuesday, 15 January 2013 11:20 AM

මටත් මේ වගේම අත්දැකීමක් තියෙනවා ඔහු කළදේට මමත් එකගයි..!(නු)

:       0       0

සරත් Tuesday, 15 January 2013 11:28 AM

මේවා කාටත් හොද පාඩම්. (දී)

:       0       0

අමිල කටුනායක Wednesday, 16 January 2013 07:48 AM

මගේ නම් රක්ෂණය හොදට ගෙවුවා. එයාලා දැන් හරියට මගේ පවුලේ අය වගෙයි. (නි)

:       0       0

චමී Tuesday, 15 January 2013 03:58 PM

රක්ෂණ කරුවන් සත පහකට විශ්වාස කරන්න එපා (ස)

:       0       0

සරත් Wednesday, 16 January 2013 12:36 PM

අමිල ඕවා ඔහොම ප්‍රසිද්ධියේ කියන්න එපා (ස)

:       0       0

පෙරේරා Tuesday, 15 January 2013 08:36 PM

නියම කතාවක් (දී)

:       0       0

අමිල Tuesday, 15 January 2013 08:39 PM

අර කියුවා වගේ රස්සාවනේ (දී)

:       0       0

අමිල Friday, 18 January 2013 07:15 AM

මුදලාලි දකුණේ හිටපු කෙනෙක් වෙන්න ඇති (ස)

:       0       0

රජීව් Tuesday, 15 January 2013 11:55 AM

රක්ෂණ නියෝජිතයන්ට හොඳ පාඩම. මුදලාලි ඔබ හරි (ස)

:       0       0

දම්මි Friday, 18 January 2013 07:40 AM

අමිලගේ පවුලත් රක්ෂණ නියෝජිතයෙකුට රැවටිලා වගෙයි. (නි)

:       0       0

දම්මි Friday, 18 January 2013 07:47 AM

මටත් අත්දැකීම් තියෙනවා. හදිස්සියකට වන්දියක් ගන්න ගියහම මුලින් තිබුණ සැළකිළි නැහැ. (නි)

:       0       0

දයාවංශ Tuesday, 15 January 2013 12:25 PM

ලංකාවේ කොහේ නමුත් මේ කර දෙය මමද අනුමත කරමි (ස)

:       0       0

ෂ්‍යාමා Tuesday, 15 January 2013 09:14 PM

මුදලාලි කළ දේ බොහොම අගෙයි. (නි)

:       0       0

ශාම් Tuesday, 15 January 2013 09:14 PM

රක්ෂණ කරුට මුදලාලි කරපු දේ හරියට හරි (ස)

:       0       0

රොෂාන් Tuesday, 15 January 2013 04:32 PM

හොද වැඩේ. (නි)

:       0       0

රොහාන් Wednesday, 16 January 2013 09:29 AM

රක්ෂණ නම් මතක් කරන්න එපා (ස)

:       0       0

වාසල Wednesday, 16 January 2013 02:08 PM

රක්ෂණයට මේ මෑතකදි හොද නිර්වචනයක් මම දෑක්කා. " හානියක් වු විට එය හෑර අන් සියල්ලක්ම ඔබේ රක්ෂණයෙන් ආවරණය වී ඇත" යන්නයි. අපේ රටේ රක්ෂණ ආයතනයක් වසර පහක් නොකඩවා ගෙවමින් සිටි මටත් ඔහොම වෑඩක් කළා. එදා සිට මමත් කරන්නේ ඔය මුදලාලි කරපු දේම තමයි නමුත් ටිකක් වෙනස් විදියකට. (නි)

:       0       0

සමන් Wednesday, 16 January 2013 09:32 AM

අමිල කටුනායක ගේ පවුලේ කෙනෙක් වෙන්න ඇති ඉන්ෂුරන්ස් එකේ ඉන්නවා ඇත්තේ නැතිනම් ඉන්ෂුරන්ස් එකේ හිටපු ගර්ල් කෙනෙක්ව පවුලේ කෙනෙක් කර ගන්න ඇති (ස)

:       0       0

මේනක Thursday, 17 January 2013 01:51 PM

මීරිගම තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ . ඒ පැත්තේ හොඳ මොල කාරයෝ ඉන්නවා (ස)

:       0       0

හිල්ම් Tuesday, 15 January 2013 10:55 PM

රස්සාවනේ මොනවා කරන්න ද (දී)

:       0       0

තුෂාන් Tuesday, 15 January 2013 10:58 PM

පව් අසරණයා (දී)

:       0       0

ප්‍රියලත් Wednesday, 16 January 2013 03:04 PM

මීරිගම තියෙන්නේ ගම්පහ (ස)

:       0       0

අමිල Thursday, 17 January 2013 09:32 AM

මේවා කාටත් හොද පාඩම්. (දී)

:       0       0

සම්පත් Wednesday, 16 January 2013 10:41 AM

වගකීමක් නැති ආයතන ගැන හොයල බලන්න ඕනේ (දී)

:       0       0

අමිල Wednesday, 16 January 2013 09:05 PM

කමක් නැහැ වෙන වැඩකුත් නැතිව ඇති ඒ මනුස්සයට (දී)

:       0       0

අමිල Wednesday, 16 January 2013 09:10 PM

ඇති ඔය විදිහට බේරුනා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1146 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1153 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site