IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


මුදලාලිගේ පුරුද්ද නැති කරන්න කස කසා යන්න බේතක්

දකින දකින ඕනෑම දෙයක් ඉල්ලීම පුරුද්දක් කරගත් පුද්ගලයකුට සිදු වූ කරදරයක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි.  
එම සිද්ධිය සැකෙවින් මෙසේය.
ඔහු දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසක වනාන්තරයක් ආසන්නයේ  කුඩා තේ කඩයක්  පවත්වාගෙන යන විවාහක පුද්ගලයෙකි. ඒ ආසන්නයේ වෙනත් කඩයක් නොවූයෙන් හා ඔහුගේ සුහදශීලිත්වය හේතුවෙන් දුර බැහැර ප්‍රදේශයෙන් පැමිණෙන අය මෙන්ම ගමෙහි අය ද මෙම තේ කඩයෙන් කහට කෝප්පයක් නොබී යාමට අමතක නොකළහ.
එහෙත්  ඔහු තුළ ද විවිධ දුර්වලතා ද නැතිවා නොවේ. ඔහුගේ නරක පුරුද්දක් වූයේ කවුරුන් හෝ ගෙන යමින් සිටි දෙයක් දුටුවහොත් ඉන් කොටසක් ඉල්ලා ගැනීමයි. කෙනෙක් කොස් ගෙඩියක් ගෙන ගියත්  අනේ ගොඩක් දවසකින් කොස් කන්න බැරි වුණා. මටත් කෑල්ලක් දෙන්න යනුවෙන් පවසා ඉන් කොටසක් ලබා ගැනීම ඔහුගේ පුරුද්දයි.


දිනක් ගමේ දෙදෙනකු වනාන්තරයට යන ගමන් කඩයටත් ගොඩ වැදුණේය.
ඔවුන්ට කහට කෝප්ප දෙකක් සකසා දුන් මුදලාලි විමසා සිටියේ මල්ලිලා කොහෙද මේ උදෙන්ම යන්නෙ යනුවෙනි. උදලු මිටක් කපාගෙන ඒමට වනයට යන බව පවසන විටම අනේ මල්ලියේ මගේ උදැල්ලෙ මිටත් කැඩිලා.
කහටවල මුදල් ගෙවා දැමු ඔවුහු මුදලාලිගේ මේ පුරුද්ද නැති කිරීමට හොඳ පාඩමක් ඉගැන්වීමට කතිකා කරගෙන කැලයට ගොස් තමන්ට අවශ්‍ය වර්ගයෙහි උදලු මිටි කිහිපයක් හා බදුල්ල වර්ගයේ උදලු මිටක් පරෙස්සමට කපා ගත්හ. කැලයෙන් එළියට පැමිණි ඔවුහු බදුල්ල වර්ගයේ උදලු මිට මුදලාලිට දී මුදලාලි ඔය ලීයේ පොත්ත ඉවත්කර වේළෙන්න දාන්න යනුවෙන් පවසා යන්න ගියහ.
බදුල්ල ගසෙහි විස බව අසා තිබුණත් එය නොහඳුනන මුදලාලි ලීය පොතු ගසා කර මත තබාගෙන නිවසට ගෙන ගියේය. රාත්‍රී කාලයේ ඔහුගේ ශරීරය පුරා කසන්නටත් පලු දමන්නටත් විය. පසුදා උදෑසන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගිය විටයි ඔහුට අවබෝධ වූයේ තමා කර තබාගෙන පැමිණියේ බදුල්ල ලීයක් බවත්, එය තැවරුනු ස්ථාන පලු දමා පසුව තුවාල හටගන්නා බවත් ය. දවස් කිහිපයක් කඩය වසා තබා ගෙදරට වී සිටින මුදලාලි කල්පනා කළේ මේවා තමාට හොඳ පාඩමක් බවයි. ඉන් පසු ඔහු කිසිවකුගෙන් කිසිවක් ඉල්ලන්නේ නැතිලු‍.

 

කඹුරුපිටිය විශේෂ  කේ. අජිත්



අදහස් (0)

මුදලාලිගේ පුරුද්ද නැති කරන්න කස කසා යන්න බේතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site