ගමේ ඩෙංගු බෝවන ස්ථාන පරීක්‍ෂා කර ජනතාව දැණුම්වත් කිරීමට පැමිණෙමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පිරිසක් දුර තියා දුටු රා මදින්නකු රා මුට්ටුයක් පොළවේ ගසා පණ එපා කියමින් දිව යාමේ පුවතක් හද්දා පිටිසර ගම්මානයකින් ලංකාදීපයට වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
එය ඌව පළාතේ හද්දා පිටිසර ගම්මානයකි. අමතර රස්සාවක් ලෙස මේ ගමේ බොහෝ දෙනෙකු කිතුල්මැදීම සිදුකළහ. එය සිදුකළේ බොහෝ පරෙස්සමින් හා විමසිල්ලෙනි.
පසුගිය දිනෙක ගමේ නම ගිය කිතුල් මදින්නෙකු වට පිට බලා ගසට ගොඩ වූයේ පෙරේදා රාත්‍රියේ ගසට බැඳි තෙළිදිය මුට්ටිය බාගෙන මලත් මැද හනික බිමට බැසීමේ අටියෙනි.
ගසට ගොඩවී සිය කාර්ය නිමාකර තෙලිදිය මුට්ටියත් රැගෙන ඔහුට ගසින් බිමට බැසීමට හැකිවූයේ අඩි කීපයක් පමණි.
කිතුල් ගසේ අතු අතරින් ඔහුට දැක ගන්නට ලැබුණේ තමන් සිටින දෙසට පැමිණෙමින් සිටින කාකි ඇඳුම් ඇදගත් කීපදෙනෙකි.
දුටු දසුනෙන් දැඩි භීතියට පත් හෙතෙම කොතරම් වේගයෙන් ගසින් බිමට බැස්සේද යත් අතේ තිබූ මුට්ටිය ද බිමට වැටී කුඩුවි ගිය අතර ඔහු කැලෑවට වැදී පැන දිව්වේ කැලෑවේ තිබූ කටු අකුල්ද අමතක කරමිනි.
තම ගමේ උදවිය ඩෙංගු උණ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පැමිණි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පිරිසකට තමන් බිය වී ඇති බව පැය කීපයකට පසුව කැලෑවෙන් එළියට පැමිණි ඔහුට අසන්නට ලැබුණි.
(වියලුව වාර්තාකරු)
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මදුරුවන් හොයන්න ඇවිල්ලා රා මදින්නා මට්ටු වෙලා
දිල් Saturday, 01 October 2016 12:42 AM
හෝව්, හෝව්, රා වීදුරුවක් ඉල්ලාගන්න අාවේ අනේ! (නි)