රන්සෑගොඩ ඩී. කංකානම්ගේ
තම සැමියා යැයි සිතා හිතවත් යෙහෙළියකගේ සැමියා සමග පැවැති දුරකථන සංවාදයක් නිසා ලජ්ජාවට පත්වූ තරුණියක පිළිබඳව සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තාවේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.
දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක දිවි ගෙවන මෑතක දී විවාහ දිවියට ඇතුළත්වූ ඇය වයස අවුරුදු තිස් පහක් තරම් වූ රූමත් කාන්තාවකි. ඇයගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු වූ අයකු බැවින්, ඔහු සතියේ දින පහ සේවයේ නියැලී සිට පුරුද්දක් වශයෙන් සෑම සතියකම සිකුරාදා දිනයේ සවස සේවා ස්ථානයෙන් පිටත්ව නිවසට පැමිණෙන විට රාත්‍රී 09.00 පමණ වේ.
ඇය තම නිවස ආසන්නයේ පිහිටි ඇඟලුම් කම්හලක රැකියාවකට යාමට කැමැත්ත දැක්වූයේ අනෙකුත් යෙහෙළියන්ගේ පෙරැත්ත කිරීම නිසාමය. ඕනෑම කෙනකු සමඟ හිතවත්ව විහිළු තහළු කරමින් සුහදත්වයෙන් සේවය කරන නිසාම ඇය යහළු යෙහෙළියන් රැසකගේ කණ්ඩායම් නායිකාව වූවාය.
ඇයගේ වඩාත්ම සමීපතම යෙහෙළියක් සිටියාය. ඇයගේ ස්වාමිපුරුෂයා ද කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරයි. මේ සියලු දෙනාම එකම පවුලක සහෝදරයන් මෙන් දැඩි මිතුදමක් පවත්වාගෙන යන අය වෙති.
හෙට දින සෙනසුරාදා දිනයක් නිසාත්, සිකුරාදා රාත්‍රියේ සැමියා නිවසට පැමිණෙන බව සිත සිතා සිටින විට ඇයට විහිළුවක් කිරීමට සිතූ මිතුරිය තම ස්වාමි පුරුෂයා සමග කතා කරමින් සිටි ඇය තම ජංගම දුරකතනය යෙහෙළියට දිගු කොට මෙන්න අයියගෙන් කෝල් එකක් යයි පවසා දුරකතනය ඇය අත තබා යෙහෙළියන් සමග පසෙකට වී බලා සිටියාය.
තම ස්වාමිපුරුෂයා සමග යහළු යෙහෙළියන් නිතරම දුරකතනයෙන් කතා කරන බැවින් කිසිදු සැකයක් නොසිතා මහත් සතුටට පත් වූ ඇය, තම මිතුරිය දුන් දුරකතනයෙන් කතා කරන්නේ තම සැමියා යැයි සිතා, මේ අද රෑ එනවා දැයි ඇසීය. සිද්ධිය තේරුම්ගත් මිතුරියට දුරකතනය දුන් යෙහෙළියගේ සැමියා ද ඔව් ඔව් මං ඔයා කියනකම් තමයි බලා ගෙනහිටියේ යැයි පවසා මහ හයියෙන් සිනහ විය.
ක්ෂණිකව සිද්ධිය තේරුම් ගත් මිතුරිය මහත් ලැජ්ජාවට පත්ව ජංගම දුරකථනය පසෙක දමා තවත් නම් උඹලත් එක්ක මම විහිළු කරන්නේ නැහැයි පවසමින් ආපනශාලාව දෙසට දිව ගියේ යහළුවන්ගේ සිනා හඬ මැද්දේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිතුරියගේ සැමියාගෙන් අද රෑ ගෙදර එනවාදැයි අහලා