(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)
පියල් දකුණු පළාතේය. වැඩ කළේ කොළඹ කාර්යාලයකය. කාර්යාල කාර්යසහායකු වූ හෙයින් ඔහුගේ සේවය අත්‍යවශ්‍ය විය.
එහෙයින්ම ඔහුට නිවාඩු ලබා ගැනීම බෙහෙවින් දුෂ්කර විය. කොතෙක් දුක කීවද නියමිත නිවාඩු හැර අතිරේක නිවාඩු ඔහුට නොලැබිණි. මෙයට විසඳුම වශයෙන් ඔහු තෝරාගෙන තිබුණේ නියමිත නිවාඩු ලැබ ගමට ගිය පසු අමතර දවස් තුන හතරක් වැඩියෙන් ගත කිරීමය.
පියල්ට කපටිකමද හොඳට පිහිටා තිබේ. නියමිත නිවාඩුවට ගමට යාමට කලින් ‘‘ආච්චිට ආමාරුයි, සීයට අමාරුයි’ පවසමින් අවශ්‍ය පරිසරය ඔහු කල් ඇතිවම හදා ගනී. මෙවර ඔහුගේ වාක්‍ය වූයේ ‘සීයට අමාරුයි, කොයි වෙලේද දන්නේ නෑ.’ යනුවෙනි.
මෙසේ පරිසරය හදා තබා ඔහු නිවාඩුවට ගමේ ගියේය. නිවාඩුව අවසන් වීමට නියමිත දිනයේ ඔහු කාර්යාලයට දුරකථන ඇමතුමක් ගත්තේය.
‘සීයා නැති වුනා. මම ඒ කටයුතු අවසන් කරලම එන්නම්’ ඔහු කීවේය. ආයතන ප්‍රධානියාද කාරුණික අයෙකි.
‘‘කමක් නෑ කමක් නෑ ඔයා ඔය වැඩ ටික කරගන්නකෝ’’ ප්‍රධානියා කීවේය.
පියල් රිසිවරය තැබුවේය. නිවසේ අයද ඔහු මෙලෙස බොරු කියා අමතර දින ගණනාවක් ගත කරන බව දනී.
පියල්ගේ සීයාගේ මරණය ගැන කාර්යාලයේ කවුරුත් කතා කරන්න පටන් ගත්හ.
‘හොඳ කොල්ලා. කම්මැලි නැතිව වැඩ කරනවා. කිහිප දෙනෙකු හරි මළ ගෙදර ගිහින් ආවොත් හොඳයි.’ අයෙක් යෝජනා කළේය. ඒ අනුව කීප දෙනෙක් මළගෙදර යෑමට සූදානම් වූහ. ආයතනයෙන් වාහනයක් ලබාදීමට ආයතන ප්‍රධානියා කාරුණික විය.
එම ආයතනයේ වාහනවල නම ලොකු අකුරෙන් බඳෙහි සඳහන් කර තිබේ. හත් අට දෙනෙක් මළගෙදර යාමට පිටත් වූහ. තමන් එන බව දැන්වීමට පියල්ට දුරකථන ඇමතුම් ගත්තද පියල් ඒවාට උත්තර නොදුන්නේය. ඒ ඔහුගේ කපටිකමය. මෙතරම් දුරක් ගෙවාගෙන කාර්යාලයේ අය මළගෙදර පැමිණේවි යැයි හීනෙන් හෝ නොසිතුවේය.
දහවල් 2ට පමණ කාර්යාලයේ පිරිස රැගත් වෑන් රිය මිදුලේ නතර කෙරිණි.
‘‘මළා’’ යැයි කී සීයා එය දුටුවේය. මෙම පිරිස පැමිණ තිබෙන්නේ මුණුබුරාගේ ‘බොරුවට’ රැවටී බව සීයා දනී.
සීයා කලබල වී මුණුබුරා සොයාගෙන දිව්වේය.
‘‘අන්න කොළඹින් ඇවිත් උඹ හැංගියන්’’ පියල්ගේ ඇස් උඩ ගියේය.
‘‘මම නොවෙයි සීයේ උඹ හැංගියන්. මම ඔෆිස් එකට කීවේ සීයෙ උඹ මැරුණා කියලා.’’
එදා සිට පියල්ට ‘‘සීයා මළා’’ යනුවෙන් නමක් පට බැඳුණි.
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිතුරන් එද්දී මියගිය සීයාට පණ ඇවිත්