සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් පිළිබද කතාවක් ගාලු දිසාවේ ගම්දනව්වකින් අසන්නට ලැබේ.
මිතුරකුගේ දුවගේ කොටහළු මංගල්‍යයකි. පැවතුනේ රෑය. ආරාධනය අතිජාත මිතුරන්ට සහ කිට්ටුම හිතවතුන්ටය. පදමට හා පදම ඉක්මවා ගන්නා අයට මේ සාදයට ඇරියුම් ලැබීමට විශේෂ සුදුසුකමක් වී තිබිණ. සාදය ආරම්භ කෙරිණ. එක අත්තේ කුරුල්ලෝ එකට වැසූහ.
බෝතල් එක දෙක කැඩිණ. කැඩූ සැණින් ඒවා හිස්විය. බොහෝ අය බඹර පදම්ය. විහිළු තහළු ඒ අස්සේ කෙළවරක් නැතිව සිදුවිය. රෑ කෑමට ගියේ ඔය අතරය. කබරයා දමා පුටුවකට ඔළුව ගසා සිටි මිතුරා ද වත්තන් කරන් කෑම මේසයට ගෙන ආවේ ඔහුගේම මිතුරන් පිරිසකි. ඔහුට කෑමට පෙර වෙරි හිදෙන්නත් එක්ක මිතුරෝ සුප් එකක් බොන්නට දුන්හ.
වෙරි මර ගාතේ මේ සුප් එක ඇදලා දැමූ ඔහු කීවේ ජීවිතේට මෙහේම සුප් එකක් තමා නොබිව් බවය. ගත වූයේ ටික වේලාවකි. ඔහුගේ බඩ ගුරු, ගුරු ගාන්න විය. වැසිකිළි යෑමේ හදිසිය වැඩිවිය. ඔහු වැසිකිළියට දිව ගියේය.
අන්තිමේ දී ඔහු වාඩිවී සිටි පුටුවෙන් සිහිමූර්ජාවී බිම වැටුණේය. මුහුණට වතුර ගා දන්න සිල්ප දා ඔහුට සිහිය ගන්න කළ උත්සාහයන් ගඟට කැපූ ඉනිමෙන් විය. ඔහුගේ තත්ත්වය එන්න එන්නම නරක අතටම කැරකැවිණි. ඒ වෙනුවෙන් කළ හැකි කිසිවක් නොවීය. ඒ නිසාම ළඟම තිබූ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට මිතුරෝ ඔහු ගෙන ගියහ. එහිදී ඔහු පරීක්ෂාකර බැලූ වෛද්‍යවරයා කීවේ බල බලා ඉන්නේ නැතිව රෝහල් ගත කරන ලෙසය. රෝගියා දැඩි ලෙසම විජලනයකට ලක්වී ඇති හෙයින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නම් අනිවාර්යයෙන්ම රෝහල් ගත කර සේලයින් ප්‍රතිකාරය ලබාදිය යුතු බව වෛද්‍යවරයා කීවේ ඇත්ත තත්ත්වය ඇති සැටියෙනි. අමුතුම සුප් එක ඔහුට බොන්න දුන්නු මිතුරන්ගේ මුහුණු රතුවී ගියහ. එකෙනෙකා එකිනෙකාගේ මුහුණු බලා ගත්තෝය.
ඒ අනුව මිතුරන් පිරිස ඔහු යුහුසුලුව රෝහලට ගෙන ගියහ. වහාම ඔහුට ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කෙරිණ. මෙයා සාදයේ දී අගුණ වෙන්න කෑවේ බිව්වේ මොනවාදැයි රෝහල් වෛද්‍යවරයා මේ මිතුරන් පිරිසගෙන් ඇසුවේ ඒ අනුව නිසි ඖෂධ ලබාදීමටය. කෑ බිව් දේ දන්නවනම් ලෙඩාට දෙන්න ඕන බෙහෙත් ටික දෙන්න පුළුවන් යැයි, වෛද්‍යවරයා වැඩිදුරටත් කී විට මිතුරන්ගේ මුහුණුවලින් දහඩිය දාන්න පටන් ගත්තේය.
‘ඩොක්ටර් මෙයාට හොඳටම වැදිලයි හිටියේ. අපි විහිළුවටත් එක්ක අපේ මිතුරට සුප් එකක් කියලා ඉඳුල් වතුර වීදුරුවක් පෙව්වා යැයි කීවේ ගොත ගස ගසාය. තව පොඩ්ඩෙන් හිනා වෙන්න කළ විහිළුවෙන් අඬන්න තිබුණා යැයි වෛද්‍යවරයා කී විට මිතුරන්ට තරු විසි වුණාලු.
කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිතුරන්ගේ අමුතු සුප් එකෙන් බඹර පදමේ රැස් බැහැලා