IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මිතුරාගේ සායම බේරාගන්න මඟුල් ගෙදර ගිහින් හාමතේ ඇවිත්

මතීෂා වීරසිංහ සහ ශෂිකා අබේරත්න

ජැන්ඩියට ඇඳගෙන මඟුලට ගිය මිතුරු කැළක් ගජයාගේ සායම ළිඳේ පාකර බසයේ නැගී හාමතේ ගිය පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වේ. සිය මිතුරාගේ මංගල දිනයට සහභාගී වීමට ගජ මිතුරු කැල සුදානම් වුණේ නැකත් බැලූ දිනයේ සිටය. ජැන්ඩියට අඳින්න ඇඳුම් සැලසුම් කළා වගේම ලැබෙන විවේකය ගජරාමෙට සැමරීමට ඔව්හු අමතක නොකළහ. මඟුල් ගෙදර පැත්තක තබා වෙලේ පහස විඳින්න ගිය මොවුන් මධු විත තොල ගාන්න සැරසුණේ කඩිමුඩියේය.

ගැන්සියේ මහදැන මුත්තා මෙම රාජකාරිය කරන්න හොඳම තැන ළිං ගැට්ට බව යෝජනා කළේය. අනෙක් සගයෝද එය අනුමත කළේ මධුවිත තොල ගාන්න තිබූ හිදිසියත් එක්කමයි. මීවිත පදම් වීගෙන එද්දීම පුරාජේරු දොඩවමින් හිටි මහදැන මුත්තා ළිං පතුලට වැටුණේ සගයන්ගේ ඇස් උඩ යවමිනි. වෙරි මතේ සිටි සගයන් ඔහු ගොඩ ගත්තේ දැඩි පරිශ්‍රමයක යෙදීමෙනි. මඩ නැවී දිය බේරෙමින් සිටි මිතුරා දකිද්දී ඔවුන්ගේ වෙරි හිඳුණේ මඟුල් ගෙදර දවල් කෑම මේසය මතක් වීමෙනි. එහෙත් සිදුවූ ඇබැද්දියෙන් ගොඩ ඒමේ මගක් ඔවුන් කිසිවෙකුටත් නොවිණි. කෑම පැත්තක තියා, මිතුරාට ගෙනාපු තෑගිත් නොදී ළිඳෙන් නාවා ගත් මිතුරාත් එක්කම බසයක නැග නිවෙස්වලට ගියේ මනමාල මහත්තයාගේ සායම සේදේ යැයි බියෙනි.



අදහස් (0)

මිතුරාගේ සායම බේරාගන්න මඟුල් ගෙදර ගිහින් හාමතේ ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 753 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site