ඔහු දෙනියාය ප‍්‍රදේශයේ කවුරුත් දන්නා හඳුනන කඩ හිමියෙකි. බැංකු අයිරා පියවීමට මිතුරන්ගෙන් මුදල් ඉල්ලා ගැනීමේ පුරුද්දක් විය.
මිතුරා කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකි. වැඩිපුර තිබූ මුදල් කඩ හිමියාට දුන්නේ ඔහු ඉල්ලන්නටත් කලින්ය.
ටික කලකට පසු මුදල් හදිසියක් ඇති නිසා කඩ හිමියාට කතා කර ”මට සල්ලි හදිසියක්, දැන්ම අර මුදල් ටික බැංකුවට දාගන්න පුළුවන් දැ”යි දුරකතනයෙන් ඇසීය.
කතා කළ විගසම දීමට කඩ හිමියා අත මුදල් නොවීය. එනිසා මිතුරාගේ ගිණුමට චෙක්පතක් තැන්පත් කළේය.
මිතුරා බැංකුවට ගොස් තවම මුදල් තැන්පත් කර නොමැති බව දැනගෙන දුරකථනයෙන් අමතා ”කෝ තාම සල්ලි වැටිලා නැහැනේ” යි කීය. කඩ හිමියා දුන්නේ අපූරු පිළිතුරකි. ”මම සල්ලි නෙවෙයි චෙක් එකක් දැම්මේ. ඔයාට හදිසි නිසා මම ඒක එක්ස්ප‍්‍රස් කරලා දැම්මා” මිතුරා චෙක්පත් ගැන නොදන්නා නිසා ”ආ ඒක හොඳයි” කියා පැවසුවත් ඔහුට මුදල් ලබාගැනීමට හැකි වූයේ තවත් දිනක් ගත වූ පසුවය. ඊට පසුව නම් කවදාවත් ඔහු කඩහිමි මිතුරාට මුදල් දුන්නේ නම් නැතිලූ.
2025 දෙසැම්බර් මස 04
622
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිතුරාගේ මුදල් හදිස්සියට චෙක්පතක් එක්ස්ප‍්‍රස් කරලා
චුටි Monday, 02 June 2014 01:28 PM
"ඊට පසුව නම් කවදාවත් ඔහු කඩහිමි මිතුරාට මුදල් දුන්නේ නම් නැතිලූ" ඒ කියන්නේ මේක ගොඩක් ඉස්සර වෙච්ච දෙයක් ද? (නදී).
ශාන්ති Tuesday, 03 June 2014 01:23 AM
ඇත්ත කුමාරි ගනු දෙනු කරන්ඩ ඕනා බොහොම පරිස්සමට නැත්නම් පසුව ගොඩක් කරදර වෙනවා (නදී)
පෙරේරා Tuesday, 03 June 2014 02:12 AM
චෙක්පත් ගැන නොදන්නා කර්මාන්තශාලා කළමනාකාරවරයා කව්ද? (නදී)
සම්පත් Tuesday, 03 June 2014 07:58 PM
කළමනාකරුවෙක් වෙලත් චෙක් ගැන දන්නේ නැද්ද? (නදී)
සමන්ති Tuesday, 03 June 2014 07:09 AM
බැංකු නිලදාරියාට ඕනා නම් (සුපුරුදු ගනුදෙනකරුවෙකු නම්) චෙක්පතට මුදල් දීමට හැක.(නදී)
කුමාරි Monday, 02 June 2014 04:26 PM
කොව්වා කොහොම උනත් තාමත් බල්ලෙකුට වේලක් කන්න දුන්නොත් ඌ දුටු තැන නැට්ට වත් වනනවා. එ්ත් ගොඩාක් මිනිස්සු කන්න දීපු අත සපා කනවා.(නදී)
රෝයි Wednesday, 04 June 2014 06:02 PM
දැන් වාතයක් වෙන තරමටම කොමෙන්ට්ස් දානවා නේද ? (නදී)
පහන්දී Monday, 02 June 2014 05:56 PM
චුටි ඔයාගේ අදහසට මට හිනා ....!! කුමාරි.., ඔයා පැත්ත ගියත් ඇත්ත කියල නේද...? (නදී)
දුම්මලසූරිය Monday, 02 June 2014 10:21 AM
මම නම් හිතන්නේ ඕක හිනා විය යුතු දෙයක් නොවෙයි. කඩ හිමියා නොදන්නවා උනාට ඔය වැඩේ කරන්න ඔහුට බැංකුවේදී සහය උන නිලධාරියයි ඕකට වගකිවයුතු. ඔහුට පුළුවන් කෙනෙක් නොදන්නා කමට කරන වැරැද්ද නිවැරදි කරවන්න.(නදී)