(මීගලෑව මානෙල් පී. හේවගේ)
කුරූණෑගල දිස්ත්‍රික්කයේ මායිමේ නගරයක මිතුරන් තිදෙනෙකි. ප්‍රාදේශීය දේශපාලකයකුගේ ගෝලයන් වූ නිසාම තිදෙනා අතර තිබුණේ ගජ මිතුරුකමකි.

මිතුරන් තිදෙනාගෙන් දෙදෙනෙක් විවාහකයන්ය. දිනක් තිදෙනා සතුටු සාමීචියේ යෙදී සිටිනවිට එක් මිතුරෙක් තම බිරිඳ තමන්ව මහත්සේ විශ්වාස කරන බවත් කවුරුන් කුමක් කීවක් ඇය කිසි ගණනකට නොගන්නා බවත් කීවේ උජාරුවෙනි. හරි බලමු ඔය විශ්වාසයේ තරම. අනික් මිතුරන් දෙදෙනා කතා වූහ.
දින කිහිපයකට පසු එසේ කී මිතුරන් දෙදෙනා අනෙක් මිතුරාගේ බිරිඳට නිතර දුරකතන ඇමතුම් දෙන්නට පටන් ගත්හ. සති තුනක් ගිය තැන එම මිතුරා සේවයට පැමිණීම ද නැවතුණි. ඒ ගැන විමසන්නට දුරකතනයෙන් මිතුරා ඇමතු අනෙක් මිතුරන්ට පැවසුවේ ‘උඹලා දෙන්නගේ බොරු ගෑනිට ඇත්ත වෙලා. ගෑනි කාලි අම්මා වගේ උඹලම ඇවිත් පවුල කැඩෙන්න කලින් මේක විසඳපල්ලා’ යනුවෙනි.
විහිළුව දුරදිග ගොස් ඇති බව ඒ වචන වලින්ම තේරුම් ගත් මිතුරන් දෙදෙනා එදිනම සවස මිතුරාගේ නිවසට ගියේ ගෙදරට අවශ්‍ය බඩු බාහිරාදිය මල්ලකුත් රැගෙනය.
ඔවුන් නිවසට යනවිටත් බිරිඳ මිතුරාට හොඳ වචනවලින් අමතමින් සිටියාය. තම මිතුරා විහිළුවක් නිසා හොඳ හැටි බැනුම් අසනු දුටු එක් මිතුරකු මිතුරාගේ බිරිය අසලට ගොස් නගේ මූ හොඳ එකා අපි මේ බොරු කීවේ විහිළුවට යයි කීවා පමණි. මිතුරාගේ අතේ තිබු බඩු මල්ල ගෙන මිතුරන් දෙදෙනාගේ ඇඟට දමා ගැසූ බිරිඳ නිවස ඇතුළට දිව ගියේ විදුලි වේගෙන්ලු. සිදුවූයේ කුමක්දැයි සිතන්නටත් කලින් මිතුරාගේ බිරිඳ ආවේ කඩුවක් අතින් ගෙන ශුද්ධ සිංහල වචන ටිකකුත් මහ හඬින් කියාගෙනලු.
කඩු ප්‍රහාරයෙන් බේරෙන්නට දිව ගිය එක් අයකු කම්බි වැටක පැටලී ඇසකට බරපතළ තුවාල සිදුවී අනෙක් පුද්ගලයා වැටී කකුල උළුක්කුවී තිබිණි.
අදටත් මේ මිතුරන් දෙදෙනා සමග වැඩි ඇසුරට අනෙක් මිතුරාගේ බිරිඳ වැඩි කැමැත්තක් නැතිලු.
විශ්වාසේ හැටි බලන්න ගිහින් කඩුපාර කන්න වෙනවා නේදැයි අනෙක් මිතුරන්ගෙන් අසන කවරෙකු වුවද අදටත් හොඳවැයින් අසා ගන්නට පුළුවන්ලු.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
මිතුරාගේ බිරිඳගේ හොඳ හිත සොයාගිහින් කඩු පාරෙන් බේරී කම්බි වැටේ ඇමිණිලා