IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මිතුරාගේ කයියට වහ වැටී වේටර්ට පන්දාහක සංතෝෂමක්

ඔහු ව්‍යාපාරිකයෙකි. කලක් එක්තරා සුළු පක්‍ෂයක ආසන සංවිධායකවරයකු ලෙස ද ඔහු කටයුතු කළ නිසා එම පළාතේ බොහෝ දෙනෙකු ඔහු දැන සිටියේය. ඔහු කිසිදු ලෝභකමක් නැතිව මත්පැනට අත දිගහැර වියදම් කළ පුද්ගලයෙකි. එමෙන්ම මිතුරන්ගේ ඕනෑම හදිසි කරදරයකදී පෙරමුණ ගත්තේද ඔහුය. ඔහු සමග මත්පැන් පානය කරන මිතුරන් පිරිසක් ද සිටියහ. ඔවුහු විවිධ ක්‍ෂේත්‍රවල අයවූහ.


පසුගිය දිනවල රටේ ඇතිවූ  කලබලකාරී තත්ත්වය සමග ඔහුගේ ව්‍යාපාර කටයුතුවලටද යම් බලපෑමක් ඇතිවිය. එහෙත් සිරිත්පරිදි මිතුරන් සමග ‘සෙට්’ වීමට අමතක නොකළේය.


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පළමු වරට මිතුරන් හමුවූයේ එදිනය. ඔහු මිතුරන්ද කැටුව අවන්හලට ගියේය. බොහෝ වේලාවක් කතා කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැනය. එහි සිටි නීති ක්‍ෂේත්‍රයට සම්බන්ධ එක් මිතුරකු ඉස්ලාම් ධර්මය පිළිබඳ දීර්ඝ විග්‍රහයක් කළේය. “මම හොඳ සිංහල බෞද්ධයෙක්. හැබැයි කුරානය සම්පූර්ණයෙන්ම කියවල තියෙනවා.” යයි මිතුරා  කීවේය. 


දැන් දැන් ඔහුගේ කටහඬ උස්ය. එකිනෙකා පරයමින් තම අදහස් ප්‍රකාශ කරන්නට විය. වරෙක එය උණුසුම් විය. වේටර් පැමිණ “සර් වහන්නයි  හදන්නේ” කීවේය.


“එහෙනම් ගේනව අපේ බිල” ඔහු කීවේය. වේටර් බිල ගෙනාවේය. ඔහු පසුම්බිය හැර බිල ගෙව්වේය. වේටර්ද බිල ගෙවා තැටියක තබා ඉතිරි මුදල් ගෙනාවේය. එහි වූයේ රුපියල් විස්සේ නෝට්ටුවකි.


 ඔහු යළිත් පසුම්බිය දිග හැරියේය. ඒ හැමදාම වේටර්ට සන්තෝසමක් දීම ඔහුගේ සිරිත නිසාය. ඔහු නෝට්ටුවක් ගෙන විස්සේ නෝට්ටුව මතින්ම තැබුවේය. වේටර්ගේ දෑස් උඩ ගියේය. එහෙත් වේටර් ඒ බව කිසිවෙකුටත් නොහැඟවෙන ලෙස “තෑන්ක් යූ සර්” කියමින් ඉවත්ව ගියේය. ඒ සමඟම පිරිස ද විසිර ගියහ.


 පසුදින උදෑසන ඔහු කිසියම් කටයුත්තකට මුදලක් ගෙවීම සඳහා පසුම්බිය දිග හැරියේය. එහි තිබූ රුපියල් පන් දහසේ නෝට්ටුවක් අඩුය. ඔහු බොහෝ වේලාවක් කල්පනා කළේය. 


වේටර්ට සන්තෝසමට දුන්නේ පන් දහසේ නෝට්ටුව බව  පසුව  මතක් විය. ඉන්පසුව ඔහු එම අවන්හලට යාම නතර කළේ ලැජ්ජාව නිසාය. 
(උණවටුන ඩී.ජී. සුගතපාල)



අදහස් (0)

මිතුරාගේ කයියට වහ වැටී වේටර්ට පන්දාහක සංතෝෂමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site