IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මත්පැන් වඩියට මළ ගෙදර කොඩි කණුවත් හිලව් කරගෙන

 තලාතුඔය  ටී .එච්.  සරත්


අවමංගල්‍ය උත්සවයක්  වෙනුවෙන්  මහමඟ දෙපස සිටුවා තිබූ කොඩි කණුවක් මත්පැන් පානයට මුදල් සොයා ගැනීම සඳහා රහසේ ගලවාගෙන ගොස් කැබලිවලට කපා විකිණීම සඳහා රැගෙන යමින් සිටි පුද්ගලයකු පිළිබඳ පුවතක් තලාතුඔය, මාරස්සන ප්‍රදේශයෙන් වාර්තා වේ. 
එය තලාතුඔය, මාරස්සන ප්‍රදේශයේ මළ ගෙදරකි. අවසන් කටයුතු පැවැත්වෙන දින මඟ දෙපස සුදු කොඩි දමා සැරසුවේ ප්‍රදේශයේ මරණාධාර සමිතිය මගිනි. ප්‍රදේශයේ තරුණ පිරිස මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළහ.
එදින  සවස් යාමයේ එක් ස්ථානයක සිටුවා තිබූ කොඩි කණුවක් අතුරුදන්ව ඇති බව තරුණ පිරිසට පෙනී ගියෙන් ඒ පිළිබඳව සොයා බැලීමට පිරිස උනන්දු විය. ගැල්වනයිස් බටවලින් සැකසූ කොඩි කණු අඩි  හයකට වඩා උසින් යුක්ත වන අතර සෑහෙන බරකින්  ද යුක්ත බැවින් රැගෙන යාම එතරම් පහසු නොවන බව තරුණ පිරිස ද දනිති. ඒ නිසාම ඔවුන් කළේ ගමපුරා විමසුම් කටයුතු ආරම්භ කළේ මළ ගෙදරකට කොඩි කණුවක්වත් සිටුවන්න බැරි තරම් ගම පිරිහෙලා දැයි සැකයෙන් යුතුවය.
මේ අතර  ඔවුන්ට ගමේ සිටින සුරා ලෝලියකු පිළිබඳව සැකයක් ඇති වුණේ ඔහුගේ කල්ක්‍රියාව පිළිබඳව දන්නා හෙයිනි.  ඔහුගේ ගමන් බිමන් පිළිබඳව විමසිලිමත්වීමේදී ගමන් මල්ලක යමක් දමාගෙන නගරය දෙසට යන ඔහු දැක පරීක්ෂාවට ලක් කළහ.
කැබලි කිහිපයකට කැපූ ගැල්වනයිස් බටය ගමන් මල්ලේ තිබී හමුවීමත් සමග ඔහු අල්ලා ගෙන මරණාධාර සමිතියේ ප්‍රධානියා වෙත ගෙන ගිය අතර, සියලු‍ දෙනා එක්ව ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ඔහු පැවසූවේ “අනේ බුදු මහත්තයෝ දවස් තුනකින් රා කට්ටක් බිව්වේ නෑ, ඒකයි කොඩි කණුවක් කැපුවේ, සමාවෙන්න ”‍ යනුවෙනි .
විශ්‍රාමික විදුහල්පතිවරයකු වූ මරණාධාර සමිති ප්‍රධානියා “තෝ මැරුණත් අපි කොඩි දානවා, එහෙව් එකේ ඇයි යකෝ කොඩි කණුවක් කපන්නේ ? ගමේ හැමෝටම තියෙන පොදු දේපළක් මේ.  දවස් දෙකක් දෙනවා කොඩි කණුවක් ගෙනත් දීපන්, නැතිනම් පොලීසියට යනවායි ” පවසා තිබේ.
‘ගම පිරිහෙන හැටි දැකලා මට මේ සුබසාධක වැඩත් එපා වෙලා’  යි පැවසූ විශ්‍රාමික විදුහල්පතිවරයා ‘මෙයාට කවුරුත් ගහන්න එපා’ යයි පවසා තරුණ පිරිස පිටත්කර හැරියේය.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කිරීමට ඔහු පියවර ගත්තේය.

 



අදහස් (0)

මත්පැන් වඩියට මළ ගෙදර කොඩි කණුවත් හිලව් කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 645 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17679 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site