
(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
මිතුරකු හා මත්පැන් සාදයක් පවත්වා එහි ගාස්තුව වන රුපියල් 1700ක මුදල පසුව ගෙවන බව කියා පිටව ගිය නාගරික මන්ත්‍රීවරයකු එම මුදල ගෙවීම පැහැරහරිමින් කල්ගත කරන බවට ප්‍රසිද්ධ ආපන ශාලාවක කළමනාකරුවකු නගර සභාවේ සභාපතිවරයා වෙත පැමිණිලි කළ පුවතක් වයඹ පළාතේ නගරයකින් වාර්තා විය.
ඉකුත් දිනක අදාල මන්ත්‍රීවරයා මිතුරකු සමග රාත්‍රී කාලයේ මෙම ආපන ශාලාවට පැමිණ කටගැස්ම සමග මත්පැන් විශේෂයක් ලබාගෙන පානය කර ඇත. එහි ගාස්තුව ලෙස රුපියල් 1700ක බිල්පතක් ලබාදීමෙන් පසු තමන්ට ඒ අවස්ථාවේ මෙම මුදල ගෙවීමට හැකියාවක් නැති නිසා පසු දින දහවල් ලැබීමට සලස්වන බව කියා මන්ත්‍රීවරයා පිටව ගොස් තිබේ.
මුදල් නොගෙවූ නිසා ආපන ශාලාවේ කළමනාකරු පසුදින මන්ත්‍රීවරයාට දුරකතන ඇමතුම් කිහිපයක් ලබාගෙන ඇතත් සම්බන්ධ කර ගැනීමට හැකිවී නැත. දින කිහිපයකට පසු කළමනාකරුට අදාළ මන්ත්‍රීවරයා නගරයේදී අහම්බෙන් හමුවී ඇති අවස්ථාවේ තමන් රෝහලේ ප්‍රතිකාර ගත් නිසා සල්ලි අතින් අමාරුයි දීමනාව ලද විගස ගෙවන බව පවසා පිටව ගියත් එසේ කිරීමද පැහැර හැර ඇත.
පසුව කිහිප විටක්ම මන්ත්‍රීවරයා හමුවීමට ගත් උත්සාහය ව්‍යර්ථවීමෙන් පසු කළමනාකරු සිය දුක්ගැනවිල්ල සභාපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් මුදල නොලැබුණහොත් තම වැටුපෙන් ගෙවීමට සිදුවන බව කළමනාකරු මේ ගැන සඳහන් කරමින් පැවැසීය.
2025 දෙසැම්බර් මස 16
91
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
890
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මත්පැන් බී පොලු තැබූ නාගරික මන්ත්‍රීට ආපනශාලා කළමනාකරුගෙන් පාඩමක්