IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මත්පැන් බෝතලෙන් ලොක්කා සල්ලං

(කුණ්ඩසාලේ - පී.එම්. රජපක්ෂ)
වැඩි මිලට මත්පැන් බෝතලයක් මිලදී ගෙන එය පසුව එම මත්පැන් බෝතලය නිසා නිවෙසට වී ‘කොරන්ටයින්’ වීමේ සිද්ධියක් පසුගිය දිනක වාර්තා විය.


එම සිදුවීමට අනුව, දිනපතා මත්පැනට ලොල් වූ පුද්ගලයෙකු වූ ඔහුට මේ දිනවල පවතින කෙරොනා වයිරසය නිසා පනවා ඇති ඇඳිරි නීතිය නිසා නිවෙසේ ගත කිරීමට සිදු විය. පිළිගත් ආයතනයක ඉහළ තනතුරක රැකියාව කළ මෙම පුද්ගලයා සිය රාජකාරි කළේ නිවසේ සිටය.


වෙනදා සවස් කාලයේ දී පමණක් සුරා පානය කළ මොහු නිවෙසේ සිටි බැවින් උදෑසන සිටම මත්වී සිටි අතර ඒ සඳහා දින ගණනවකට සරිලනසේ මත් පැන් ද ඔහු ගබඩා කර ගත්තේය.


කෙසේ වෙතත් දින කිහිපයක් ගතවීමේදී ඔහු විසින් ගබඩා කර‍ගත් මත් පැන් බෝතල් එකින් එකි හිස් වන්නට විය.


 ඒ අතරතුර හදි‍සියේම මත්පැන් ශාලා වැසීම නිසා නිවසේ සිට රාජකාරි කිරීම පසෙකලා මත්පැන් සොයා ගම් දනව් පුරා මෙන්ම නගරයේ ද තැන් තැන්වල කරක් ගසන්නට විය.


කෙසේ වෙතත් ඇඳිරි නීතීය පැනවීම ඔන්න මෙන්න කියා තිබූ මොහොතක මිතුරකුගෙන් ලැබුණු හෝඩුවාවකට අනුව මෙම පුද්ගලයාට නන්නාඳුනන අයකුගෙන් ඉතා වැඩි මුදලකට මත්පැන් බෝතලයක් මිලදී ගැනීමට හැකිවිය.


තමන් ලද මේ ජයග්‍රහණයෙන් උද්දාම වී අත්‍යවශ්‍ය භාණ්ඩත් සමග සඟවා මත්පැන් බෝතලය ද ගෙන නිවෙසට පැමිණියේය. පසුව තම මිතුරන්ට ද තමන් මත්පැන් බෝතලයක් සපයාගත් අයුරු විස්තරකර ඇමතුම් දෙන්නට විය.


නිවසට පැමිණ අ‍නෙක් කාර්යයන් පසකෙලා මොහොතක් හෝ කල් නොයවා දින කිහිපයක බලාපොරොත්තු ඉටුකර ගනනා අරමුණෙන් ගෙනා මත් පැන් බෝතලයෙන් සප්පායම් වන්නනට කඩිමුඩියේ ලකලැහැස්තී විය.
කාමරයේ දොර අඩවල්කර බෝතලය විවෘත කර උගුරක් කටට හලාගත් ඔහුගේ මුහුණ ක්ෂණයෙන් වෙනස්වන්නට වූයේ එහි තේපැන් රසක් පැමිණි නිසාවෙනි. 


ඒ සමගම සුළු මොහොතකින් මිතුරාගෙන් දුරකතන ඇමතුමක් පැමිණි අතර, විස්තර විමසන්නට විය. ඒ සමගම ඔහුට බැණ වදින්නට වූ ඔහු දුරකතනය පසෙකට විසි කළේය. මිතුරාගේ උප්පරවැට්ටියකට හසූ වූ බව ඔහුට තේරුම් යන්නට විය.පසු දිනක මත්පැන් බෝතලයේ මුදල ද සමග මිතුරන් පිරිසක් ඔහු සොයා නිවසට පැමිණි අතර, ඒ වන විටත් සිදුවීම ගම පුරා අදාළ සිදුවීම ප්‍රසිද්ධියට පත්වීම නිසා දින ගණනාවක් නිවසට වී කොරන්ටයින්’ වීමට සිදු වූ බව මිතුරන්ට පවසන්නට විය.

 



අදහස් (1)

මත්පැන් බෝතලෙන් ලොක්කා සල්ලං

sam Thursday, 26 March 2020 11:55 PM

දැන් එතකොට රාජකාරිය නොකර මත්වී හිටීම ගැන මොකුත් වැරැද්දක් නැද්ද? අපේ රට හැදෙයිද මෙහෙම ඉහල නිලධාරීන් ඉන්නකොට.

:       0       61

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site