කඬේට පැන්න හොරාගේ අතේ තිබුණු පච්චයක් සී.සී.ටී.වී කැමරාවක සටහන් වී තිබීම නිසා හොරා අපහසුවකින් තොරව අල්ලා ගැනීමට කඩ හිමියාට හැකි වූ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.
කඩ හිමියා රාත‍්‍රී වෙළෙඳසල වසාදමා එහි සවි කර තිබූ සී.සී.ටී.වී. කැමරා ක‍්‍රියාත්මක කර නිවසට ගොස් පසුදා අලූයම පැමිණ බලද්දී වෙළෙඳසැලේ දොරගුළු විවෘත කර තිබෙනු දැක ඒ ගැන සොයා බලා ඇත.
වෙළෙඳසලේ ලාච්චුවක තිබූ මුදල් හා වටිනා භාණ්ඩ සොරාගෙන තිබෙන බව වටහාගත් කඩ හිමියා සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කරද්දී හොරෙකු ඇතුළු වී සිටි අයුරු දැක තිබේ.
සොරා මුහුණ වසාගෙන සිටි නිසා හඳුනාගැනීමට අපහසු වුවත් අතේ තිබුණ පච්චයක් හොඳින් සටහන් වී තිබූ නිසා කඩ හිමියා විමසිල්ලෙන් සිට ඇත. පසු දිනක එම පච්චය කොටා ගත් තරුණයකු වෙළෙඳසල අසල සිටිනු දැක පසුව පොලිසිය මාර්ගයෙන් ඔහුගෙන් ප‍්‍රශ්න කරද්දී කළ සොරකම ගැන හෙළි වී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මූණ වහගෙන කඬේට පැන්න හොරා අතේ පච්චෙන් අහුවෙලා
අසාද් Monday, 28 December 2015 11:53 AM
පච්ච කෙටීම මොළේ නැති වැඩක් නොවෙයි සෑම්. මමත් පච්ච කොටලා තියෙන්නේ. හැබැයි මගේ හොරකම් කරන්න අදහසක් නැහැ. (නි)
මනෝජ් Tuesday, 29 December 2015 03:32 AM
ඔක්කොටම වඩා වැදගත් අයිතිකරු ගේ විමර්ශනශීලී නිරීක්ෂණය. අපේ හුගක් අය බලන්නන් වාලේ බලනවා මිසක් ඔලුව පාවිච්චි කරලා බලනවානම් මේ රටේ මේ තරම් ප්‍රශ්න නෑ. අපේ අය තැන දීල තියෙන්නේ හැගීම් වලට මිසක් බුද්ධියට නොවේ. (බ)
චතුර Tuesday, 29 December 2015 03:39 AM
කඩ හොරා පච්චෙන් දැනේ. (බ)
යසිරු Monday, 28 December 2015 05:56 AM
ඒකනේ කියන්නේ සොරකම් කරලා කවදාවත් සැඟවිලා ඉන්න බැහැ කියලා (නි)
පිටබැද්දර ජයා Monday, 28 December 2015 01:14 PM
පච්ච කෙටිල්ලටනම් මගෙත් කැමැත්තක් නැහැ , හැබැයි හොරකමට නම් කොහෙත්ම කැමතක් නැහැ , උපන් ලපයක් එක්ක ඉපදුන මට එකත් එක්කම මැරෙන එක හොඳයි අමුතුවෙන් හන ගහ ගන්නවට වඩා. (ර)
සෑම් Monday, 28 December 2015 06:47 AM
ඔලුව ඇතුලේ මොලයක් තියනවානම් පච්ච කොටා ගන්නේ නැහැනේ (බ)
සුමිත් Monday, 28 December 2015 06:55 AM
පුහුල් හොරා කරෙන් දැනේ (නි)
අබරන් Monday, 28 December 2015 09:40 AM
"පුහුල් හොරා කරෙන් දැනේ" (ර)