IMG-LOGO

මූණු පොතේ බොරුව ඉතාලියටම ගිහින්

 (තලාතුඔය  ටී.එච්. සරත්)
ඉතාලියේ සිට පැමිණි පිරිසක් තලාතුඔය අංකෙළිපිටිය ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටින්නේ යයි පවසමින් මුහුණු පොතේ පළකොට  පොලිසියට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ව්‍යාජ දුරකතන ඇමතුම් ලබාදීම නිසා පෙරේදා (24) තලාතුඔය අංකෙළිපිටිය ප්‍රදේශයේ ගම්වාසීහු මහත් අසීරුතාවට පත්වූහ.


දැනට ඉතාලියේ මිලානෝ නුවර වෙසෙන සහෝදරියන්  දෙදෙනකු මෙසේ පැමිණ ඇතැයි ද ඔවුන් තමන්ගේ නිවෙස්වල සැඟව සිටිතැයිද දුරකථන ඇමැතුම් මගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා පොලීසිය වෙත ඇමතුම් ලබාදී තිබේ.


අංකෙළිපිටිය ප්‍රදේශයේ එකම පවුලේ අක්කා සහ නංගී ඉතාලියේ වෙසෙන අතර එක් අයකුගේ ස්වාමිපුරුෂයා සහ දරුවා ද එහි වෙසෙති. මේ පිළිබඳව තලාතුඔය මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් එම කාන්තාවන්ගේ නිවෙස සොයාගොස් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී එම කාන්තාවකගේ ලංකාවේ වෙසෙන සැමියා දුරකතනයෙන් ඉතාලියේ වෙසෙන බිරිඳ හා ඇගේ සොහොයුරිය අමතා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා අමතන ලෙසට කියා තිබේ.


ඒ අනුව මිලානෝ නගරයේ සිට තමන් තවමත් එහි සිටින බව ඔප්පු කිරීමට ඔවුන් දෙදෙනා පවතින දැඩි අවදානමද නොතකා වීඩියෝ තාක්ෂණය ඔස්සේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා අමතා ඇත්තේ ඉතාලියේ මිලානෝ නගරයේ වීදි, මාවත් හා වටපිටාව පෙනෙන ආකාරයටය. මේ පිළිබඳව එම කාන්තවකගේ ස්වාමිපුරුෂයා කියා සිටියේ මෙවන් අනතුරුදායක මොහොතක මෙවැනි බොරු ප්‍රචාර ලබාදෙමින් ජනතාව බිය වැද්දීම හා තමන් සිටින අසීරුතාව නොසලකා ක්‍රියා නොකරන ලෙස තමන් සැමගෙන් ඉල්ලා සිටින බවයි.



අදහස් (0)

මූණු පොතේ බොරුව ඉතාලියටම ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site