(තිහගොඩ උපසේන ලියනගම)
දේවාල පෙරහරක් නිමිතිකොට පැවති වෙළඳ කඩ පේලියේ කඩයකින් ලබාගත් කුඩා සෙල්ලම් බෝලයක් නිසා ගෙදරට පැමිණි හොරකු අල්ලා ගැනීමට හැකිවීමේ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබිණි.
තම කුරුඳු ඉඩමෙන් ලබාගත් රුපියල් ලක්ෂ දෙකක පමණ කුරුඳු තොගයක් විකුණූ ඉඩම් හිමියා මෙම දේවාල පෙරහරට ගියේ තම කුඩා දරුවාද සමගය. එහි වූ වෙළඳසලක විකිධෑමට තිබූ කුඩා බෝලයක් ඉල්ලා දරුවා කරදර කරනවිට ඔහු එම බෝලය දරුවාට ලබාදුන්නේ සුළු මුදලක් ගෙවීමෙනි.
මිරිකන විට වර්ණවත් ආලෝකය විහිදෙන එම බෝලයෙන් ඒ සමගම මහ හඬක් නැගෙන නිසා ඊට ආශා කළ දරුවා ගෙදරදීත් මහත් වින්දනයක් ලැබීය. එදින මහ රෑ එම බෝලය මහත් හඬක් නංවා එළිය නිකුත් කළෙන් කලබලවූ ගෙහිමියා විදුලිය දැල්වීමේදී පැන යාමට තැත් කළ හොරකු අල්ලා ගැනීමට ඔහු සමත් විය.
කරුණු සෙවීමේදී පෙනී ගියේ කරුවලේ ආ හොරාට මේ බෝලය පෑගීම නිසා එය වර්ණවත් එළිය විහිදුවමින් හඬ නැගී ඇති බවලු.
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මැජික් බෝලයෙන් හොරෙක් අහුවෙලා