IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


මඟුලේ ‘හෝම් කමිං එකට’ පුටු මේසත් මනාලියගෙන්

(වැලිමඩ කේ.ආර්. රාජමන්ත්‍රී)
විවාහයේ දෙවන දින මනාල පාර්ශ්වයෙන් හෝටලයේ පවත්වන උත්සවයට ඉහළ නෑදෑයන් පිරිසක් සහභාගි කර තම ඥාති බලය පෙන්වීමට උත්සාහ කළ මනාලියගේ මවුපියන්ට හෝටලයට කැඳවාගෙන එන වැඩි පුර ඥාති පිරිසට වාඩිවීමට පුටු මේස හා අවු වැසි ආවරණ ද ගෙදරින් රැගෙන එන ලෙසට මනාලයාගේ මවුපියන් පැවසීමේ පුවතක් කැප්පෙටිපොල ආසන්න ගමකින් අසන්නට ලැබේ.


ලංකාදීපයට ලැබුණු පුවත මෙසේය.


දකුණු ලකේ අග නගරයට ආසන්න ප්‍රදේශයක තරුණියක  කැප්පෙටිපොළට ආසන්න ගමක තරුණයකු සමග යෝජිත විවාහයක් සිදුකිරීමට දෙපක්ෂයම කථිකාකරගෙන තිබේ. දෙපක්ෂයම තම පහසුව සඳහා විවාහ උත්සව හෝටල්වල පැවැත්වීමට තීරණය ගත්හ. ඒ අනුව මනාලියගේ අතිනත තැනීමේ උත්සවය ගාල්ල ප්‍රදේශයේ උත්සව ශාලාවක ජයටම ගැනීමට මවුපියෝ සැලසුම් කළහ. එම උත්සව අවස්ථාවට මනාලයා ඇතුළු 30ට අඩු ඥාති පිරිසක් සහභාගි කරවීමට මනාලයාගේ මවුපියන් තීන්දු කර එය මනාලියගේ මවුපියන්ට ද දන්වා ඇත.


එයට ප්‍රතිචාර ලෙස මනාලියගේ මවුපියන් පවසා ඇත්තේ, මනාලයාගේ පාර්ශ්වයෙන් පවත්වන දෙවැනි ගමන මංගල උත්සව අවස්ථාවට තම නෑදෑ හිතවතුන් 50ක් සහභාගි කරවන බවත් එමගින් තම ඥාති සමූහය කොතරම් දැයි උත්සවයට එන මනාලයගේ පාර්ශ්වයට ප්‍රදර්ශනය වන බවත් මනාලියගේ මව පැවසුවාය.


මෙයින් මනාලයාගේ පාර්ශ්වයෙන් පවත්වන උත්සවය පමණක් නොව අදාළ උත්සවය ශාලාවේ උපරිම පහසුකම් දීමට හැකි ප්‍රමාණය 200කට පමණක් බවට දැනුම්දීම නිසා එයට සරිලන අන්දමට ඥාතීන් සහභාගි කර ගැනීමට මනාලයා සහ මවුපියෝ පියවර ගත්හ. එම දෙවන උත්සවයට මනාලියගේ ඥාතී් 30ක් 35ක් අතර ප්‍රමාණයක සහභාගි වෙතැයි මනාලයාගේ පාර්ශ්වයේ ඥාතීන්ට හිතවතුන්ට ඇරයුම් කිරීමට තීරණය කර තිබේ.


මනාලියගේ පාර්ශ්වයේ පිරිස වැඩිවීම නිසා උත්සව ශාලාවේ සීමිත ඉඩ නිසා තම හිතවතුන් සැලසුම් කළ ආකාරයට එයට සහභාගි කරවීමට නොහැකි තත්ත්වයක් උදාවීමෙන් මනාලයාගේ පාර්ශ්වය දැඩි අසීරුවට පත්වී ඇත. මනාලියගේ විවාහ උත්සවය ඇගේ පාර්ශ්වය වෙනුවෙන් පවත්වා තිබියදී මනාලයාගේ පාර්ශ්ව උත්සවයට අනවශ්‍ය ලෙසින් මනාලියගේ පාර්ශ්වයේ ඥාතීන් සහභාගි වීමෙන් තමන් හා උත්සව ශාලා හිමිකරු මුහුණ දෙන ගැටලුව විසඳා ගැනීමට මනාලයාගේ මවුපියන් මනාලියගේ මවුපියන්ට අපූරු යෝජනාවක් හැටියට වැඩිපුර සහභාගි වන මනාලියගේ නෑදෑයන් අසුන් ගැනීමට අවශ්‍ය තාවකාලික අවු වැසි ආවරණ, පුටු මේස සහ ආහාර ගැනීමට අවශ්‍ය පිඟන් කෝප්පද රැගෙන එන ලෙස උත්සව ශාලා හිමියා පවසා සිටින බවයි.


මේ කතාව ඇසීමෙන් පසු මනාලියගේ මවුපියන් කරකියා ගත හැකි දෙයක් නොමැතිව නිහඬව මනාලයාගේ පාර්ශ්වයේ ඥාතීන් මුල්කරගෙන පවත්වන දෙවන ගමන උත්සවයට බාධාවක් නොවන අයුරින් මනාලියගේ පාර්ශ්වයෙන් ඥාතීන් සහභාගි කරවන බවට පවසා මතුවන ගැටලුව සුහදව විසඳා ගත් බව පැවසේ.

 



අදහස් (0)

මඟුලේ ‘හෝම් කමිං එකට’ පුටු මේසත් මනාලියගෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 108 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site