තඹුත්තේගම නගරයේ පසුගිය 29 දා පැවති විවාහ මංගල උත්සවයකදී මනමාල මහත්මියගේ හා මනමාල මහතාගේ පාර්ශවයන් අතර පැවති ගැටුමක් නතර කිරීමට පොලිස් නිලධාරීන් ගෙන්වීමට සිදුවූ පුවතක් තඹුත්තේගම පොලිසියෙන් වාර්තාවේ.
මෙහි මනමාල මහතා තිරප්පනේ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ අතර මනමාල මහත්මිය පහලගම ප‍්‍රදේශයේ පදිංචිකාරියක බවද පැවසේ. මෙම පාර්ශව දෙකේ බලාපොරොත්තු ඉටුකරමින් විවාහ මංගල උත්සවය මහත් ඉහළින් පැවැත්වීමට වැඩකටයුතු කෙරෙමින් පැවතිණි.
මංගල උත්සවයට දෙපාර්ශවයේම ඥාතීන් එක්කෙනා දෙන්නා පැමිණෙමින් සිටි අතර දිවා ආහාරය වන විට උත්සව ශාලාව පිරී ඉතිරී ගියේ දෙපාර්ශවයේ ඥාතීන්ගෙනි. මත්පැන් බෝතල්වල මූඩි ගැලවී විසිවිය. මනමාල මහතා යුද හමුදාවේ සේවය කරන්නෙකු හෙයින් යුදහමුදාවේ හිතමිතුරන්ද විශාල පිරිසක් පැමිණ ඇත. ටිකෙන් ටික මත්පැන් තොල ගෑ පිරිස් බෝතල් ගණන් හිස්කරන්නට විය.
ටික ටික මත්පැන් පානය වැඩිවෙද්දී වෙරිමතයද වැඩිවූ නිසා නර්තනයේ යෙදීමටද අවශ්‍ය විය. නර්තනයේ යෙදුණු මනමාල මහතාගේ පාර්ශවය හා මනමාල මහත්මියගේ පාර්ශවයේ හිතවතුන් අතර බහින්බස්වීමක් ඇතිවී එය ගුටිබැට හුවමාරුවක් බවට පත්වූ බව උත්සවයට පැමිණි පිරිස් පවසති. මෙම ගැටුමෙන් උත්සව ශාලාවේ පුටු 20ක්, පිඟන් හා වීදුරුද කැඞීගොස් ඇත.
මෙම කැඞීගිය උපකරණවල අලාභය ලබාගැනීමට නොහැකි වේයැයි බියෙන් හිමිකරු විසින් උත්සව ශාලාවේ දොරවල් හා ගේට්ටු වසා පොලිසිය ගෙන්වාගෙන ගැටුම නතර කළ බවද පැවසේ. අවසානයේ අමතර මුදලක් වැයකරමින් මනමාලියගේ ඥාතීන් විසින් අලාභය ගෙවා දැමූ බවද වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
867
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මඟුල් ගෙදර පිඟන් පියාඹද්දී පොලිසියත් ඇතුළට එයි
චරිත් හර්ෂණ Tuesday, 02 February 2016 03:54 PM
පොලීසියේ බෝතල් දෙක දුන්නද දන්නේ නැහැ (බ)
අජිත් Wednesday, 03 February 2016 01:13 PM
අැඹිලිපිටියෙන්ද දන්නේ නැහැ. පොලිසිය ගෙන්නුවේ. (බ)
වික්‍රම Tuesday, 02 February 2016 03:17 AM
මිනිසුන් පියාඹන්නේ නැතුව බේරුනා ඇති (නි)
චතුර Monday, 01 February 2016 04:50 PM
ඕක තමා ලංකාවට වෙලා තියන හෙණේ. දැන් වලියක් නැති මඟුලක් නැහැ වගේ (නි)
සමන්ති Monday, 01 February 2016 07:21 PM
මඟුල් ගෙදරට පොලිසියත් ඕනෑවන වෙලාවල් තිබෙනවා (නි)
ලලීන් Tuesday, 02 February 2016 09:27 PM
බලාගෙන තල්ලු කරයි! (නි)
මහින්ද සෞදි Tuesday, 02 February 2016 12:28 PM
සරසි,අරක්කු නැති මගුල් ගෙදර,පරිප්පු නැති හෝටලයක් හා අලයක් නැති ජීවිතයක් වැනිය. පැරණි කියමනක් . (බ)
ලලිත් Monday, 01 February 2016 11:36 PM
ඉතින් ඔය සිද්ධියෙන් පස්සේ මනමාලයත් එක්ක යන්න මනමාලි කැමති වෙලාද? නැත්නම් කසාදෙ කුරුටුගාලාද? (නි)
සචිත් Monday, 01 February 2016 08:54 AM
මගුල් ගෙවල් වල බොන්න දුන්නම ඕක තම වෙන්නේ.(ම)
සරසි Monday, 01 February 2016 09:17 AM
අපි උපන්දා සිට කොළඹ සිටියත් මගේ විවාහ උත්සවයට නම් ඔය මත්පැන් ගාවා ගත්තේ නැහැ. පැමිණි නෑද හිතවතුන් සතුටින් කා බි හොඳ සිහියෙන් විසිර ගියා. පුදුමයක් කියන්නේ මේ ගම පළාත් වල උදවිය නැකත් වෙලාවටත් කලින් බාර් එක ඇර ගන්නවා. (බ)