පා පුවරුවේ සිට මගියකුට ප‍්‍රවේශ පත‍්‍රයක් දීමට සූදානම් වෙද්දී ටිකට් පොතේ රඳවා ගෙන තිබූ මුදල් නෝට්ටු සියල්ලම සුළගේ ගසාගෙන යෑම නිසා කොන්දොස්තරවරයාට හිස් අතින්ම යාමට සිදු වූ පුවතක් වාර්තාවේ.
ශ්‍රී ලංගම බසයක් වූ මෙය ගාලූ දිසාවේ සිට කොළඹ දෙසට ගමන් ගත්තේය. හික්කඩුව බස්නැවතුමෙන් මගීන් පිරිසක් බැසගත් අතර තවත් පිරිසක් ද ගොඩවූහ.
බසය ගමන් කරන අතරතුරදී පා පුවරුවේ සිටි කොන්දොස්තර ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කරන්නට විය. ප‍්‍රවේශ පත‍්‍රයක් දී මුදල් ගෙන ඉතිරි මුදල් දීමට සූදානම් වෙද්දී මුහුදු වෙරළ දෙසින් හමා ආ සුළඟ නිසා ටිකට් පොතේ රඳවා ගෙන තිබු මුදල් නෝට්ටු සියල්ලම එකවර ගසා යන්නට විය. මේ වන විට දෙවොල් දෙවියන්ගේ අඩවිය ආසන්නයට බස්රථය පැමිණ තිබිණි.
කර කියා ගත දෙයක් නොවූ කොන්දොස්තර බස්රථය නතර කරවාගෙන සුළගේ ගසාගිය මුදල් එකතු කර ගැනීමට පිම්මේ දිව ආවේය. ඒ වන විට ගාලූ පාරේ ගමන් ගත් පිරිස් මුදල් සියල්ලම ඇහිද ගෙන ගොස් තිබිණි. කොන්දොස්තර ඒ අසළ සොයා බැලූව ද ඔහුට හමු වූ මුදල් ප‍්‍රමාණයක් නැත.
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මඟියාට ඉතුරු සල්ලි දෙද්දී සල්ලි හුළෙඟ් ගිහින්
ටිකිරි Saturday, 03 October 2015 05:44 AM
පාඩමක් ඉගෙනගත්තා නම් හොඳයි. මුදල් තියාගන්න ඕනෑ සාක්කුවේ එහෙම නැත්නම් පසුම්බියේ. (නි)
විකි Friday, 02 October 2015 09:00 AM
කාට උනත් මේක අවාසනාවන්ත සිද්ධියක්. (ර)
සන්ඛපද්ම Monday, 05 October 2015 08:52 AM
ඔය දකුණේ මිනිස්සු කාගේ හරි දෙයක් අහුලාගෙන හරි බලෙන් අරගෙන හරි යනවා (අ)
ආනන්ද Friday, 02 October 2015 05:10 AM
මේක ලංගම කොන්දොස්තර කෙනෙකුට වෙච්ච එක ගැනයි මට කනගාටු. (බ)
පිටබැද්දර ජයා Friday, 02 October 2015 01:08 PM
පාපුවරුවේ ගිහින් සල්ලි ටික ගහලා ගියා මදැයි , ජීවිතේ ගහගෙන යනවට වඩා (නි)
රමණි Friday, 02 October 2015 06:10 AM
පව් අහිංසකයා. පඩියෙන් කපන්න ඇති. (ර)
රුවැත්තී Friday, 02 October 2015 08:07 AM
ඇයි මේක ප්‍රයිවෙට් බස්කාර කොන්දොස්තරයෙක්ට නොවුනේ ..? (ස)
අජිත් Sunday, 04 October 2015 11:52 AM
පව් අහිංසක මනුස්සයා... (ර)