IMG-LOGO

මංගල තෑග්ග වෙනත් මඟුල්ගෙදරකට දී බඩගින්නේම ආපසු ඇවිත්

දිනය මාරු වී මංගල සාදයකට ගිය අරණායක ප‍්‍රදේශයේ තරුණයකුට තමා රැගෙන ගිය වටිනා ත්‍යාගයත්, දවල් කෑමත් නොමැතිව ආපසු එන්නට සිදු වූ පුවතක් කඳුරටින් වාර්තා වේ. තම ඥාති මංගල සාදයකට වටිනා ත්‍යාගයකුත් රැගෙන ජැන්ඩියට ඇඳ පැළඳගත් අදාල තරුණයා මංගල සාදය පැවති සාද නිකේතනයට ගොස් එහි සිටි ත්‍යාග භාර ගැනීමේ ආරක්‍ෂක නිලධාරියාට ත්‍යාග පාර්සලය බාර කර සාදය පැවති ශාලාව වෙත ගියද තමන් දන්නා හඳුනන කිසිවකු එහි නොසිටි නිසා පිළිගැනීමේ බීම වීදුරුවක් පානය කරන ගමන් තම ඥාති හිතවතකුට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ සාදයේ කොතැනක හෝ ඔහු හා තම ඥාතීන් සිටිත්දැයි දැන ගැනීමටය. සිදු වී තිබෙන්නේ සුළුපටු අකරතැබ්බයක් නොවන බව ඔහුට වැටහුණේ තම හිතවතා දුන් උත්තරයත් සමගය. ඔහු ඒ වන විටත් තම රැුකියාවේ නිරත වී සිටියේය. ඔහු එදින සවස නිවෙසට එන බව පැවසූවේ මංගල සාදය හෙට තිබෙන නිසාය. කිසිවක් කර කියා ගත නොහැකි තරුණයාට හීන් දාදිය දැම්මේය. ත්‍යාගය ආපසු ගැනීමටද නොහැකිය. හෙට මංගල සාදයට ද ත්‍යාගයක් අතැතිව පැමිණිය යුතුව ඇත. හෙමින් සීරුවේ දහවල් ආහාරයද නොගෙන එතැනින් ඉවත් වූ තරුණයා කිසිවක් නොදන්නා අයකුමෙන් නිවෙසට ආවේය. පුදුමයකි. ඉඳහිට එන දුරකථන ඇමතුම් කීපයක් නිසා ඔහු තක්කු මුක්කු විය. එම දුරකථන ඇමතුම්වලින් ඇසුණේ මගුල්ගෙයක් තියනවා යමුද කියාය. කෙසේ හෝ කනින් කොනින් ප‍්‍රදේශය පුරාම මේ සිදුවීම ආරංචි වී ඇති බව ඔහු දැනගත්තේ මේ දුරකථන ඇමතුම්වලිනි.



අදහස් (0)

මංගල තෑග්ග වෙනත් මඟුල්ගෙදරකට දී බඩගින්නේම ආපසු ඇවිත්

Dishan Tuesday, 03 July 2012 12:23 PM

මනුස්සයකුත් වැරදෙනකන්නේ ඉතින් අපේ එවුන් බලන ඉන්නේ හිනාවෙන්න

:       0       0

Tuesday, 03 July 2012 07:55 PM

අපරාදේ මමනම් දවල්ට කල තමයි ඉන්නේ .

:       0       0

ජානක Tuesday, 03 July 2012 07:16 PM

දවල්ට කාල එන්නයි තිබ්බෙ අපරාදෙ...

:       0       0

ජනක ප්‍රසද් Tuesday, 03 July 2012 07:16 PM

අපරාදෙ මමනම් දවල්ට කාලමයි එන්නෙ ගෙනිච්ච තෑග්ගටවත් හරියන්න..

:       0       0

දමිත Tuesday, 03 July 2012 07:16 PM

කාල එන්නත් බයයිනෙ ‍පහුගිය දවස්වල මේකෙම දාල තිබුණනෙ එහෙම කන්න ගිහිං ගුට කාපු අවස්ථාවක් ඉතිං කෝකට්ත් හොදයි කියල මෙය ගෙදර එන්න ඇති...

:       0       0

හේමන්ත Tuesday, 03 July 2012 12:08 PM

මෙහෙම වෙලාවකදි ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕන.. තෑගි බාරදුන්නෙ නිලධා‍රියකුටනම් එයාට පොඩි වැරදිමක් උනේ කියල ඒක ඉල්ලගන්න තිබුණා.. ඇති ගුටි නොකා බේරැණා..

:       0       0

රුවන් -නුවරඑලිය Wednesday, 04 July 2012 10:17 AM

මේවා අවුරුදු 50 කටත් එහා පරණ කතා අනේ . හන් කිචි කිචි කිචි කිචි .....

:       0       0

ගාල්ලගේ Thursday, 05 July 2012 06:35 PM

මේ වගේ අමතකවීම් වගේ දේවල් ඕන තරම් වෙනවා අද සමාජයේ .තෑග්ග දුන්න නිලදරියට ඇත්ත කතාව කියල තෑග්ග ආපසු ඉල්ලගන්න තිබ්බ.ඕක මහා ලොකු වරදක් නෙවේ.

:       0       0

සුදු කෙල්ල Thursday, 05 July 2012 07:37 PM

අපරාදෙ අනේ. ‍කොහොම උනත් හැම මනුස්සයකුටම වරදිනවානෙ.. හිනා වෙන්න දෙයක් නැහැ.

:       0       0

රසික Tuesday, 03 July 2012 02:29 PM

දිල්ශාන් ඔයාටත් ඒ වගේ දෙයක් උනා නේද?

:       0       0

ජේ Tuesday, 03 July 2012 03:06 PM

අනේ පවු අසරණයා.කාටත් වැරදි වෙනවා.ඒවට හිනා වෙන්න එපා.

:       0       0

සේනානායක Tuesday, 03 July 2012 04:02 PM

අනේ මන් දන්නේ නෑ ඕවා

:       0       0

දොන් චමිල් Wednesday, 04 July 2012 03:14 AM

පිස්සු කතාවක්.. ඇයි ඉතිං දැනගත්තසනම් යන්න ඉස්සරවෙලා ආරක්ෂක අංශයට කිව්වනම් තෑග්ග ආපහු ගන්න පුළුවංනෙ.. මොනවද කරල තියෙන්නෙ..? මේකද ලෝකය..?

:       0       0

තිලක් Wednesday, 04 July 2012 04:36 AM

ඉතිං මෝඩයෝ ශාලාවට ඇතුල්වෙන්න ඉස්සල්ලා කෝල් කරන්න එපායැ

:       0       0

ටුආන් Wednesday, 04 July 2012 09:31 PM

හෙට කල යුතු වැඩ ගැන අද බලා ලෑස්ති විය යුතුයි

:       0       0

සාදු Tuesday, 03 July 2012 06:07 PM

ඕක හිනා වෙන්නත් දෙයක්ද?

:       0       0

පුන්ච Tuesday, 03 July 2012 12:11 PM

අයියෝ සල්ලි

:       0       0

ප්‍රේමලාල් Tuesday, 03 July 2012 07:32 PM

මිනිස්සුන්ට වරදින එක ස්වාභාවය.. නමුත් ගම කියල හිනාවෙන එක හරි නෑ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site