IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘මගුල් කෑම’ දැකලා තාත්තාට යකා නැගලා

(උණවටුන ඩී.ජී. සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක කනිෂ්ඨ විදුහලක පස්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවෙකි. ඉගෙනීමට දක්ෂ වුණත් නගරයේ උපකාරක පංතිවලට හෝ නගරයේ පුස්තකාලවලට යාමට  හැකියාවක් තිබුණේ නැත.


මේ අතර එක්තරා ආයතනයක් මෙම පාසලට පුස්තකාලයක් ලබා දීමට තීරණය කළේය. ඒ අනුව එම ආයතනයේ නියෝජිත පිරිසක් පැමිණ තොරතුරු සොයා බලා පළමුව පුස්තකාලය සඳහා අවශ්‍ය අල්මාරි ගෙනැවිත් තැබුවේය. ඉන්පසු දිනක එම පිරිස පොත් රැගෙන වෑන් රථයකින් පැමිණියහ.


පිරිස පිළිගැනීමට  විදුහල්පතිවරයා සහ ගුරු මණ්ඩලය උත්සවයක්ද සංවිධානය කර තිබිණ. මෙම පාසලේ ගුරු මණ්ඩලය දස දෙනෙකි. උත්සවයට මව්පියන්ටද ආරාධනා කර තිබිණි. පොත් බාර දීමෙන් පසු පිරිස ආපසු ගියේ මෙම පොත් අල්මාරිවල පුස් කන්නට ඉඩනොදී කියවන ලෙස ළමයින්ගෙන් ඉල්ලීමක්ද කරමිනි.


පසුදිනම මෙම දරුවාද පුස්තකාල පොතක් ගෙනගොස් කියවන්නට විය. දරුවාගේ පියා මත්පැන් පානය කරන පුද්ගලයකු වන අතර ඔහු එතරම් අධ්‍යාපනයක්ද ලබා නැත. එදින සවස පියා එනවිට දරුවා පුස්තකාලයෙන් ගෙනා පොත කියවමින් සිටියේය. පියා පැමිණ දරුවා කියවමින් සිටි පොත බැලුවේය. ඔහුගේ කේන්තිය ඉහවහා ගියේය.


“මේ බලපල්ලා මුගේ වයසට නොවෙයි පොත් කියවන්නේ. ඕක ලොකු මිනිස්සු කියවන පොතක්, කව්ද උඹට ඕක දුන්නේ” කියමින් දරුවාට හොඳටම තලන්නට විය.


දරුවාගේ විලාපයට අසල්වැසි නිවසේ සිටින තරුණ ගුරුවරිය දුවගෙන ආවාය. ඇයටද පියා පෙර පරිදිම කීවේය.


“මේක ලොකු මිනිස්සුන්ට ලියාපු පොතක් නොවෙයි. මේ මඟුල් කෑම කියන පොත කුමාරතුංග මුණිදාස පඬිතුමා ළමයින්ට ලියාපු පොතක්. පොතේ නම මඟුල් කෑම වුණා කියල වැරදි විදියට තේරුම් ගන්න එපා.”


ඇයගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු පියා පුතා බදාගෙන සිදුවූ වරද ගැන පුතාගෙන් සමාව ඉල්ලමින් පුතා කරට ගත්තේය.

 



අදහස් (0)

‘මගුල් කෑම’ දැකලා තාත්තාට යකා නැගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 247 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site