IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මංගල උළෙලට ආ විදුහල්පතිගේ කෝට් සාක්කුවේ ලැව් ගින්නක්

ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විවාහ මංගල උත්සවයකට පැමිණි විදුහල්පතිවරයකු ඇඳ සිටි කෝට් සාක්කුවෙන් දෙනෝ දාහක් බලා සිටිය දී ලැව් ගින්නක් මෙන් හිටි හැටියේම  ගිනි කඳක් මතුවූ පුවතක් දකුණේ  සුප්‍රසිද්ධ හෝටලයකින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු දකුණේ ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයකු ලෙස සේවය කර විශ්‍රාම ගොස් සිටි ප්‍රදේශයේ ජනතාවගේ හොඳ නමක් දිනා ගත් විදුහල්පතිවරයෙකි. මේ වන විට විශ්‍රාම  ගොස් ටික කලක් ගත වුවද ප්‍රදේශයේ පවතින සෑම උත්සවයක් සඳහාම ඔහුට ආරාධනා කිරීම සාමාන්‍ය සිද්ධියක් විය.
ඒ අනුව  ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ දියණියකගේ විවාහ මංගල උත්සවයකට ආරාධනා ලැබූ ඔහු බිරිඳ ද සමඟ එම අවස්ථාවට සහභාගි වීමට පිටත් වූයේ  ජැන්ඩි පහට හැඳ පැළඳ මහත් උජාරුවෙනි.  කෙසේ වුවද  මධුවිත ටිකකින්ද සප්පායම් වූ ඔහුට දුම් වැටියක අවශ්‍යතාව තදින්ම දැනුණ අතර එහි කිසිවකු ළඟ සිගරට් නොතිබුණි.


එහෙත් ඔහුගේ සාක්කුවේ එකම එක සිගරට්ටුවක් විය. එය එක්වරම පානය කිරීමට ඔහු කැමැත්තක් නොදැක්වූයේ ආහාර ගැනීමෙන් පසුවද දුම් වැටියක් අවශ්‍ය බැවිනි. එබැවින් නිස්කලංක ස්ථානයකට ගොස් සිගරට්ටුවෙන් භාගයක් බී ඉතිරිය නිවා කඩදාසි කොළයක ඔතා කෝට් සාක්කුවේ බහාගෙන  නැවත ශාලාවට පැමිණ බිරිඳ අසලට වී වාඩිවී සිටියේ කිසිවක් සිදු නොවූ අයුරිනි. එයට හේතුව වූයේ  ඔහු සිගරට් පානය කිරීම පිළිබඳ බිරිඳ ද දැඩි විරෝධයක් දැක්වූ බැවිනි.
ටික වේලාවක් මෙසේ සිටින විට එක් වරම  විදුහල්පතිවරයාගේ කෝට් සාක්කුවෙන් ලැව් ගින්නක් මෙන්  ගිනිදැල්ලක් මතු විය. එය දුටු සියල්ලන්ම කලබල වූ අතර පැමිණි පිරිස මේසයක් මත තිබූ වතුර වීදුරු කිහිපයකින්  කෝට් බෑය තෙමීමෙන් පසු ගින්න පැතිරී යෑම වැළකුණි.
මෙය  සැමටම ප්‍රහේලිකාවක් වූ අතර මෙසේ ගින්නක් ඇති වූයේ කෙසේද යන්න ගැන සියල්ලන්ම සිහින මවන විට මෙම සිදුවීම දුටු අයෙකු පැමිණ පැවසුවේ ‘‘සර්, සිගරට් එකක්  බීල භාගයක් නිවල කෝට් සාක්කුවේ දාගත්තානේ. එය නිවිල තියෙන්න නෑ. කඩදාසියට ආයි ඇවිළෙන්න ඇති.’’ යැයි පවසන විට විදුහල්පතිවරයාට හීන් දහඩිය දැමූ අතර  සියලු‍ දෙනාම මුහුණට මුහුණ බලා ගත්තේ එය පැහැදිලිව තේරුම් ගත් බැවිනි.
මේ  අතර බිරිඳ මහත් ලැජ්ජාවෙන් තම ස්වාමියාට දොස් කියන අයුරු දුටු මඟුල් ගෙදරට පැමිණි තවත් වැඩිහිටියකු පැවසුවේ එය ඉතා සුළු සිද්ධියක් බවත් මේවා පිටතට යා යුතු තරම් දේවල් නොවන බවත්ය.
කෙසේ වුවද විදුහල්පතිවරයා හිතවතකු  සමඟ පැවසුවේ සුළු ලාභයක් සොයා ගොස් රුපියල් 40,000 ක්  වටිනා ඇඳුම නැතිවී යාම දරා ගත නොහැකි බවයි.
මෙම සිදුවීම  රහසක් සේ තබා ගන්නා ලෙස පැමිණ සිටි නෑ හිතවතුන් පිරිසේ වැඩි දෙනා කතාකරගත් නමුත් ඇතැමුන් විදුහල්පතිවරයා දුටු විට නක්කල් සිනහවකින් සංග්‍රහ කරන අතර එවිට කිසිවක් නොකියා විදුහල්පතිවරයා මාරුවී යනවාලු‍.

 

රජ්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන



අදහස් (0)

මංගල උළෙලට ආ විදුහල්පතිගේ කෝට් සාක්කුවේ ලැව් ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site