IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


මගුල්ගෙදර ගිහින් තාත්තාට තෑගි දී ඇවිත්

(තිහගොඩ උපසේන ලියනගම)
විවාහ මංගල්‍ය උත්සවයකදී මනාලියගේ පාර්ශ්වයෙන් උත්සවයට සහභාගි වූ ඥාතියකුට මනාලිය හඳුනාගැනීමට නොහැකිවීම නිසා මනාලියගේ පියාට සුබපතා තුටු පඬුරු දී ආපසු ඒමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ප‍්‍රකට උත්සව ශාලාවකිනි.
ඔහු මනාලියගේ සමීප ඥාතියෙකි. මංගල්‍යයට සහභාගි වී සියලූ චාරිත‍්‍ර ඉටු කිරීමෙන් පසු මනාල යුවළට සුබ පැතීමට ඔවුන් සිටින ස්ථානයට ගිය ඔහු මහත් ගැටලූවකට මුහුණ පෑවේ අසල සිටි හැම දෙනාම එකම ආකාරයට රූ ගන්වා තිබීම නිසා මනාල යුවළ හඳුනාගත නොහැකි වූ නිසාය.
වඩාත් විමසිලිමත් වුවත් ඔවුන්ගේ හැඩරුව, කතාබහ මෙන්ම හැසිරීම ද ඒකාකාර වූ නිසා මනාලියගේ පියාට සුබපැතුම් පිරිනමා මනාලියට දීමට සූදානම් කර ගෙන ආ තුටු පඬුරු ද ඇයට දෙන ලෙස පවසා ආපසු ආවේ තරමක දුකකින්ලූ.



අදහස් (4)

මගුල්ගෙදර ගිහින් තාත්තාට තෑගි දී ඇවිත්

himal Tuesday, 25 April 2017 09:47 AM

මුලින්ම මනාළ යුවළ හඳුනාගත්තා නම් හරිනේ.

:       0       28

janahihta Thursday, 27 April 2017 03:40 AM

වැඩියෙන්ම ඔය වගේ අවස්ථා වලදී කෙරෙන්නේ තෑගි දෙන එක නිසා පියාණන්ට ඒක දුන්නම වැරද්දක් නැහැනේ.

:       2       8

de silva berlin Tuesday, 02 May 2017 08:10 PM

සාදයේ මත් පැන් එහෙම යහමින් තිබුනද ? මගුල් උත්සව වල අවසාන කොටසේදී ඔය වගේ පැටලිලි කොහොමත් සිදු වෙනවා

:       3       2

සමන් Tuesday, 09 May 2017 11:12 AM

මෙන්න කියවන්න ජාතික පුවත්පතක යන ප්‍රවෘත්ති...

:       1       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1345 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 484 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site