(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වේයන්ගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ ගාලකි. මද වැහි වැටෙද්දී යුරෝපීය ඇඳුමැති පුද්ගලයකු ආවේ අතේ හා කරේද බෑගය බැගින් ඇතිවය.
මගේ ගෙවල් තියෙන්නේ නයිවලට ටිකක් එහායින් යමු කීයක් ගන්නවාද මගියා ඇසුවේය. රුපියල් එකසිය පනහක් දෙන්න ත්‍රිරෝද රියැදුරු කීය. මගියා ඊට එකඟ විය. ඔහු අත තිබූ විශාල බෑගය ත්‍රිරෝද රියෙහි තබන්නට සැරසෙමින් එහෙනම් අපි යමු කියා අතේ තිබූ බෑගය ද එහි තැබීමට සූදානම් වෙද්දී රියදුරා ගමන පිටත්වූයේය.
ටිකදුරක් ගිය රියදුරා මගියාගේ හැල හොල්මනක් නැති නිසා පසුපසට කර පොවා බැලීය. විශාල බෑගය පමණක් පිටුපස අසුණේ ඇත. මගියා හෝ අනෙක් බෑගය නැත. ගමන නැවතූ රියදුරා ආපසු හැරුණේ කුමක් සිදුවුණේ දැයි බලන්නටය.
ආපසු රිය ගාලට එද්දී මගියා වෙනත් රියකට ගොඩවෙමින් සිටිනු දුටුවේය. ඇයි මහත්තයානේ අපි යමු කියලා කිව්වේ. ඇයි නැග්ගේ නැත්තේ. රියදුරා ප්‍රශ්න කළේය.
මට වැරදීමක් වුණා. මම අපි යමු කියලා කිව්වේ බිම ඉඳලා බෑගය දාන්න හදද්දී ඔය මහත්තයා ගිනි කසයා වගේ පිටත්වුණානේ. මම මේ වෙන එකකින් එන්න හැදුවේ මගදී අල්ල ගන්න හිතාගෙන කී මගියා ත්‍රිරෝද රියේ වාඩිවුණේය. මහත්තයෝ දැන් අපි යමු මම වාඩි වුණා ඔහු කීය.
පසු පසට කරපොවා බැලු රියදුරු ගමන පිටත්වූයේ ඉන් අනතුරුවය. මේ රියදුරා දැන් සෑම ගමනකදීම පිටත්වීමට පෙර පිටුපස මගියා ගැන විමසිලිමත්වීමට කටයුතු කරන බව රථගාලේ සෙසු සාමාජිකයෝ කියති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මගියා නගින්න පෙර රියදුරු ගමන ගිහින්