IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


භූත වැඩකරලා යතුරුකැරැල්ලත් නැතිකරගෙන

(තිහගොඩ උපසේන ලියනගම)
භූත වැඩ කිරීමට ගොස් තම රැකියාව නැති කරගත් සහන මුරකරුවකු පිළිබඳ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ ඌව පළාතේ අගනුවර අසල කාර්යාලයකිනි.


මතට ලැදි මේ සහන මුරකරු කාර්යාල වේලාව තුළ මතින් වැළකී සිටියත් කාර්යාල වේලාවෙන් පසුව කෙළින්ම ගියේ තමා හඳුනන සුරා පොළකටය. එදින කාර්යාලය වසා යතුරු කැරැල්ල පොලිසියට බාර දිය යුතුවුවත් යහළුවකුගේ ඉල්ලීමකට ඔහු හොර සුරාපොළට ගියේ යතුරු කැරැල්ල ද ඉණේ ගසා ගෙනය. එහිදී සුළු ආරවුලක පැටළුණු ඔහු ගෙදර ගියේ කෝපයෙන් පිපිරෙමිණි.


පසුවදා කාර්යාලයට යාමට යතුරු කැරැල්ල සෙව්වත් එය නොවීය. පෙරදා වූ ගැටුම සිහි වූ ඔහු හොර සුරාපොළ අසල වූ කඩයට ගොස් මේ ගැන විපරම් කරන විට මුදලාලි යතුරු කැරැල්ල දුන්නේ “ඔය භූත වැඩකරලා රස්සාවටත් ඇන ගනින්” කියමිනි.


යතුරු කැරැල්ල රැගෙන කාර්යාලයට වාත වේගයෙන් ගියත් ඒ වනවිට කාර්යාල නිලධාරීන් සමග ලොක්කා ද එළියේ සිටියහ. එදිනම ඔහුගේ මුර සේවය අත්හිටුවා දැන් පරීක්ෂණයක් කරනවාලු.



අදහස් (0)

භූත වැඩකරලා යතුරුකැරැල්ලත් නැතිකරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site