බදුරලිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ප්‍රජා ජල සැපයුම් සේවාවකට අදාළ සමිතියේ භාණ්ඩාගාරික තනතුරට බලෙන්ම වාගේ පත් වූ තරුණ කාන්තාවකි.
සාමාජික ගාස්තු හා නඩත්තු කටයුතු සඳහා යැයි සාමාජිකයන්ගෙන් එකතු කරන ලද මුදල්වලින් විශාල ප්‍රමාණයක් ඇය සන්තකයේ තබා ගෙන රුපියල් විසි දහසක් පමණක් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන ගොස් ඇත.
මුදල් තැන්පත් කිරීමට අදාළ ආකෘති පත්‍රය සහ ජල සැපයුම් සමිතියේ බැංකු පොත ද මුදලින් රුපියල් විසිදහසක් ද බැංකු කවුන්ටරයට භාරදුන් අතර එයට අදාළ කටයුතු කොට බැංකු නිලධාරිනිය බැංකු පොත කොම්පියුටරයට ඇතුළු කර මුදල් සටහන් කොට පොත ආපසු ඉවතට ගැනීමේදී කිසියම් කාර්මික දෝෂයක් නිසා එය හිරවී ආපසු ගත නොහැකි වී ඇත.
ඒ අවස්ථාවේදී තවත් බැංකු සේවකයෙකුගේ ආධාර ලබාගෙන එය යථා තත්ත්වයට පත් කිරීමට අවධානය යොමු කිරීම නිසා එතෙක් කවුන්ටරය මත තිබූ මුදල ලාච්චුවට දැමීමට අමතක විය.
මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මුදල් තැන්පත් කළ කාන්තාව ක්‍ෂණයකින් කවුළුව තුළින් එම මුදල ආපසු රැගෙන සිය ඇඳුම තුළ සඟවා තබාගෙන ගිණුම් පොත ද රැගෙන ඉක්මන් ගමනින් බැංකුවෙන් පිටව ගියාය.
මේ බව නොදත් කවුන්ටරයේ සේවයේ යෙදී සිටි නිලධාරිනිය සිරිත් පරිදි දවස අවසානයේ ගිණුම් පියවීමේදී හරිටම රුපියල් විසිදහසක් අඩු බව පෙනී ගොස් කිහිප වරක්ම හිස ගිනිගත් අයෙකු මෙන් නැවත නැවතත් මෙම මුදලට සිදු වූ දෙය ගැන සිතීමේදී දහවල පොත හිරවීමේ සිදුවීම ඇයගේ සිහියට නැඟුණි.
ඒ අනුව එතන සවිකර තිබූ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කරන ලද අතර නැති වූ මුදලට සිදු වූ දෙය ඉතා පැහැදිලිව එහි සටහන් වී තිබුණි.
ඉහත කී කපටි කාන්තාව තමන් භාරදුන් මුදල ලහි ලහියේ කවුන්ටරයෙන් ආපසු රැගෙන ඇඳුමෙහි සඟවා ගෙන යනු පෙනුණි.
පසු දින බැංකුවේ නිලධාරීන් කිහිප දෙනෙකු අදාළ සමිතියේ සභාපති සොයාගෙන ගොස් ඔහුගේ මාර්ගයෙන් මෙම වංචාව කළ තැනැත්තිය හමුවී ඇත.
කැමරා දර්ශනවලින් මෙය හෙළිවී ඇති බව දැනගත් ඇය තමන් සිදුකළ වංචාව පිළිගෙන නියමිත මුදල ආපසු ලබා දී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
භාණ්ඩාගාරික තරුණියක් බැංකුවටත් පොල්ලක් තියලා