මාළු කද කරේ තබාගෙන ගෙයින් ගෙට ගොස් වෙළෙඳාමේ යෙදීම මාළු වෙළෙන්දාගේ සිරිතය. ගෘහණියද අලුත් මාළු මිලදී ගැනීමට ඔහු එනතුරු බලා සිටියාය. ලොකු මාළු මිලදී ගන්නා සමහර ගෘහනියෝ වෙළෙන්දාටම කියා ඒවා කෑලිවලට කපා ගත්හ.
දිනක් මාළු වෙළෙන්දා වෙනදා මෙන් මාළු කද කරේ තබාගෙන පැමිණියේය. බලමාළු ග්‍රෑම් පන්සීයක් මිලදී ගත් කාන්තාවක් එය කපා දෙන ලෙසට වෙළෙන්දාගෙන් ඉල්ලා සිටියාය. මාළු කදට පිටුපා ලෑල්ලක් මත බල මාළු කෑල්ල තැබූ ඔහු එය කැපීමට පටන් ගත්තේය.
වෙළෙන්දාට පිටුපසින් කාන්තාව සිටගත් අතර ඇයගේ බළලා වේගයෙන් එතැනට දිව ආවේය. ග්‍රෑම් හාරසීයයක් පමණ බරැති මාළු කූරියෙක් මාළු කදෙන් සොරාගත් කාන්තාව එය බළලාට දුන්නාය. මාළු කූරියා රැගත් බළලා ගෙතුලට දිව ගියේය. නිවසේ සිටි තවත් කාන්තාවක් බළලාගෙන් මාළු කූරියා උදුරාගෙන ඇතිලියකට දැමුවාය.
කොළඹ නගරයේ සිදුවීමකි.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය
2025 ඔක්තෝබර් මස 08
1776
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1457
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
521
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බළලා ගෙදර කෑමට මාළු ගේන්න ගිහින්