IMG-LOGO

බහින තැන වැරදුණු තරුණයා මිතුරන්ගේ කනෙනුත් රිංගලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම ප්‍රදේශයේ උපන් තරුණයෙකි. විශේෂිත රැකියාවක නිරතය. රස්සාවට යාම පහසුව සඳහා මේ තරුණයා ගම්පහ ප්‍රදේශයේ නවාතැන් ගත්තේ බිරියද සමගය. උදේ හවස ගමන දුම්රියෙනි. දුම්රියේ කා සමගත් සහයෝගයෙන් යන එන මේ තරුණයා විනෝදකාමියෙක්ද විය. 


මිතුරකුගේ නිවසේ සුහද සාදයක් තිබිණි. බතින් මෙන්ම මතින්ද සප්පායම් වූ මේ පිරිස රැය පහන් වනතුරු එහි ගත කළේය. අලුයම පිරිස සිය නිවෙස් බලා ගියත් ඔහු පසු දින උදේ එහි සිටම රැකියාවට ගියේය. හවස් වෙද්දී නිදිමත උපරිමයට පත්විය. ඉක්මනින් නිවස බලා යන්නට ශීඝ්‍රගාමී දුම්රියට නැගුණත් වාඩිවීමේ වරම් නොවීය. හිටගෙනම නින්දේ ගමනේ යෙදුනු ඔහු අසල සිටියෙකු-ගෙන් මේ කොහේදැයි විමසුවේය. ගනේමුල්ල යනුවෙන් පිළිතුරු ලැබිණි. ගම්පහින් බසින අදහසින් දැඩි කල්පනාවෙන් සිටියත් ඔහුට නැවත ඇස්දෙක පියවිනි. 


ටික වේලාවකින් ඕනෑකමින් වටපිට බල්ද්දී දුම්රිය වේයන්ගොඩ පසුකළ බව දැනුනු හෙතෙම අසල සිටි කිසිවෙකුටවත් කිසිවක් නොකියා මීරිගමින් බැස්සේ වෙනත් දුම්රියකින් ආපසු ගම්පහ බලා යන අදහසිනි.


දුම්රිය එනතුරු මීරිගම දුම්රිය ස්ථානයේ සිටියදී මිතුරු පිරිසක් ඔහු වට කරග්ත්තේ කලකින් නොදුටු නිසාවෙනි. මචං අද මෙහෙ මොකදැ යි අසද්දී හදිසි වැඩකට ආවා. මම දැන් ආපසු යනවා යි කියා දුමිරිය එනු දුටු ඔහු දිව ගියේය.



අදහස් (4)

බහින තැන වැරදුණු තරුණයා මිතුරන්ගේ කනෙනුත් රිංගලා

prabha Monday, 09 April 2018 06:20 AM

මොකද්ද මේ කතාවේ තියෙන විශේෂත්වය?

:       8       189

sam Monday, 09 April 2018 11:23 AM

ප්‍රභා, මේ කතාවේ තිබෙන විශේෂත්වය නම් ඒක කිති කවාගෙන හිනාවිය යුතු වර්ගයේ විහිළු කතාවක් වීමයි.

:       36       245

BamunuarachchiSunday, 15 April 2018 06:51 AM

ඉතින් කාටද හිනා වෙන්න ඕනේ

:       0       1

pj Monday, 16 April 2018 12:16 AM

මෙහි විශේෂත්වය ගරු අගමැති තුමාගේ නම ගැවිලා නැති එක විතරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site