IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බෙහෙත් ගෙනත් දුන්නාට සිවිල් ඉංජිනේරුවාට රුපියල් පනහක් දීලා

(තිහගොඩ උපසේන ලියනගම)

මාණ්ඩලික මට්ටමේ රාජ්‍ය නිලධාරියකු වූ ඔහු පසුගියදා රෝගාතුරව දකුණේ මහා රෝහලකට ඇතුළු වූයේ ප්‍රතිකාර ලැබීමටය.

මේ නිලධාරියාට උපස්ථාන පිණිස සිවිල් ඉංජිනේරු සේවයේ නිරත ඔහුගේ බාල පුතා ද ඔහු අසල විය. ඔහුගේ ඇඳ අසලම සිටියේ දුගී වියපත් රෝගී මවකි. ඇයට උපස්ථාන පිණිස ඇගේ මිණිබිරිය කැයි සිතිය හැකි දැරියක් ද වූවාය. පුතා අසලට පැමිණි දැරිය කියා සිටියේ ආච්චිට අත්‍යවශ්‍ය බෙහෙතක් හදිසියේ ගෙනැවිත් දිය යුතු වුවත් කෙනෙක් නොවන නිසා එය ගෙනැවිත් දෙන ලෙසටය. ඒ සඳහා වූ මුදල ද ඇය දිගු කළාය.

තම පියාගේ ද අවසරය මත තුණ්ඩුව  සහ මුදල් රැගෙන නගරයට ගිය පුතා ආපසුවිත් බෙහෙත් බිල්පත හා ඉතිරි මුදල දුන් විට ඇය ඉතිරි මුදලින් රුපියල් පනහක් ආපසු දුන්නේ සේවයට කුලිය වශයෙනි.

මෙයා සිවිල් ඉංජිනේරුවෙක්. කුලියට නෙමෙයි මනුස්සකමට වැඩ කළේ. පියා කී විට ඇයට තරු පෙණින.
අනේ එහෙනම් මහත්තයගෙනුයි අපි සල්ලි ගන්න ඕන. ඇය කීවේ දැඩි ලැජ්ජාවකින් හා ගෞරවයකින්ලු.

 



අදහස් (4)

බෙහෙත් ගෙනත් දුන්නාට සිවිල් ඉංජිනේරුවාට රුපියල් පනහක් දීලා

abaran Monday, 31 July 2017 05:38 AM

ඉතින් කලින්ම කියන්ට තිබුනනේ ...මෙයා සිවිල් ඉංජිනේරුවෙක් නිසා අනුන්ගේ වැඩ කරන්නේ නැහැ කියලා....

:       600       82

Kosala Monday, 31 July 2017 06:52 AM

මේ වාට්ටුව ගැහැණු පිරිමි දෙගොල්ලොම එකට ප්‍රතිකාර ගන්න වාට්ටුවක්ද ? මම දන්නා තරමින් ඉස්පිරිතාල වල ගැහැණු පිරිමි වාට්ටු වෙන වෙනම තියෙන්නේ..

:       83       420

nilmini78 Wednesday, 02 August 2017 06:30 AM

තෝමස් අල්වා එඩිසන් දුම්රියේ සිටි කාන්තාවකට බෝතලයකට වතුර පුරවා දීම වෙනුවෙන් ලැබුණු ඩොලර් 2 ගැන අහල නැති තාත්ත කෙනෙකුයි පුතෙකුයි වගේ.

:       32       12

Waruna Sunday, 06 August 2017 03:11 PM

මේක වෙන්න පුළුවන්ද? අයි.සී.යූ. එකක් වගේ නම් පිරිමි ගැහැණු එක ලඟ ඇඳන්වල දාලා තියනවා. අඩුම ගානේ පුද්ගලික රෝහලකවත් වෙන දෙයක් නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site