IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බස් මගියා සල්ලි දී සිගරැට්ටුවක් ඉල්ලලා

(කඹුරුපිටිය විශේෂ – කේ. අජිත්)           
මගී ප්‍රවාහන බස් රථයකදී එක්තරා මගියකුට තම ගමනාන්තය දක්වා යාමට ටිකට්පතක් මිලදී ගැනීමට යාමේදී ටිකට්පත වෙනුවට කොන්දොස්තර මහතාගෙන් දුම්වැටියක් ඉල්ලීමේ පුවතක් පසුගියදා දකුණු පළාතෙන් වාර්තා විය.


මාතර බස් නැවතුම්පොළෙහි සිට තංගල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මගී ප්‍රවාහන බස් රථයට තවත් විනාඩි 05 ක පමණ කාලයක් තිබුණි. කොරෝනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් ද බස් රථය තුළ අඩකට වඩා වැඩි පිරිසක් සිටියහ.


කොන්දොස්තර මහතා කඩිනමින් මගීන්ගෙන් මුදල් අයකර ටිකට් ලබාදීම සිදුකරමින් සිටී. මගීහු තමන්ගේ ගමනාන්තය දක්වා මුදල් ගෙවා ටිකට්පත් ලබා ගනිති. මේ අතර සිටි දික්වැල්ල දක්වා ගමන් කිරීමට සිටි මහත්මයෙක් කොන්දොස්තර මහතාට මුදල් ලබාදී ටිකටිපතක් ඉල්ලුවේය.


මේ අතර ඒ අසල අසුනේ වාඩි වී සිටි අවුරුදු 45ක පමණ සාමාන්‍ය සිරුරකින් හෙබි, කවුළුවෙන් පිටත බලා කල්පනා බරිතව සිටි අයෙක් ඵකවරම රුපියල් 100 නෝට්ටුවක් කොන්දොස්තර මහතා වෙත දිගුකර, “මට සිගරට් එකක් දෙන්න’’ යයි ඉල්ලා සිටියේය. 


එය ඇසුණු බසයේ සිටි මගීන්ගේ සිනහ හඬ මධ්‍යයේ සිය පියවි සිහිය ලත් ඔහු වටපිට බලා, මට දික්වැල්ලට ටිකට් එකක් දෙන්නැයි කියා ලැජ්ජාව මුසු සිනා මුසු මුහුණින් යුතුව ඉල්ලා සිටියේය.


මේ මනුස්සයා සිගරට් ගන්න කඩයට ගිහින් තවමත් එතන ඉන්නේ යයි සිතාගෙන ඉන්නෙ යයි බස් රථයේ සිටි බොහෝ දෙදෙනකු මුමුණනවා ඇසිණි. 

 



අදහස් (0)

බස් මගියා සල්ලි දී සිගරැට්ටුවක් ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site