IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බස් පොළේදී අපූරු හීනයක් දැකලා

පදමට ගසා බස් නැවතුම්පළක ඇලවි හිනයක් දකිමින් සිටි පුද්ගලයෙකු සිටි හැටියේම මහ හයියෙනි“ මම අහන්නේ එෆ්එම්.” යනුවෙන් ප්‍රසිද්ධ රේඩියෝ නාළිකාවක නමක් කියා සිටි සියලු දෙනා සිනහ ගැන්වූ පුවතක් වාර්තා විය. සිද්ධීය මෙසේය.

ඔහු ප්‍රදේශයේ එක්තරා ආයතනයක සේවය කරන්නෙකි. සේවය නිමවා පැමිණෙන මාර්ගයේ ඇති තැබෑරුමෙන් දිනපතාම පාහේ හින් අඩියක් ගැසීම ඔහුගේ පුරුද්දකි. එදින පඩි දිනය වුයෙන් නිවෙසට යාම මදක් පමා කළ හෙතෙම තැබෑරුමට ගොඩවී පදමට ගසා ඒ අසල බස් නැවතුමට ගොඩවූයේ ගමට යෑමට පැමිණෙන බස්රථය බලාපොරොත්තුවෙනි. බස් නැවැතුමට ගොඩවූ හෙතෙම මදක් එහි ඇල වුයේ බසය පැමිණෙන තුරුය.

කිසියම් අවශ්‍යතාවක් සඳහා ඒ අසලින් තුන්රෝද රථයක නැගී ගමන් කරමින් සිටි ඔහුගේ මිතුරෙකු තුන්රෝද රථය නවතා ඔහුට කතා කළේ තමා සමග නිවෙසට යාමට එන ලෙස දන්වන්නටය. බස් නැවැතුමේ ඇලවි සිටි මිතුරාට නින්ද ගොස් ඇති බව තේරුම් ගත් හෙතෙම ඔහු ළඟටම ගොස් ඇඟට ඇත තබා නම කියමින් ඔහුට කතා කළේ මිතුරුදම ඒ තරමටම බලවත් නිසාය.

එක් වරම ඉද්ද ගැසුවාක් මෙන් නැගී සිටි හෙතෙම මහ හඩින් “ මම අහන්නේ එෆ් එම්” යැයි කියමින් සිය මිතුරා දෙස බලා බිම් බලා ගත්තේ සිදුවූ වැරැද්ද ඒ මොහොතේම සිහිපත් වු නිසාය. කෙසේ වෙතත් අතරමගදි ඔහු මිතුරාට කියා ඇත්තේ “ මචං මම අහවල් එෆ්.එම්.නාළිකාවෙන් නම අහල සල්ලි දෙන සීන් එකක් දැක්කා. මම හිටියේ ඒ සීන් එකේ යනුවෙනි.

(වියලුව වාර්තාකරු) 



අදහස් (0)

බස් පොළේදී අපූරු හීනයක් දැකලා

ජනහිත Wednesday, 07 December 2016 07:27 AM

සුභ සිහිනයක් දකිනකොට එ්කටත් බාධා කරනවනේ. යන්තම් ඇති ගුටි කෑවේ නැති එක. ගෙදර ගියාම නම් බඩකටපුරා ලැබෙයි ඉතින්. (නි)

:       0       0

දිලාන් Monday, 05 December 2016 05:51 AM

දැන් තියෙන එෆ් එම් නාලිකා බොහොමයක් සල්ලි නොදුන්නොත් මිනිස්සු අහන්නේ නැහැ. කෙසේ වෙතත් ඉහත පුද්ගලයාට අදාළ මාධ්‍යයෙන් සල්ලි දෙන්න වටිනවා. (ම)

:       0       0

චමිත් - ඕමානය Monday, 05 December 2016 08:59 AM

බිව්වනම් ඉක්මනින්ම ගෙදර යන එක තමයි නුවණට හුරු. පව් මේ මනුස්සය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site